
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් කජු කෑවා වගේ මිනිස්සු ලුණු කන්නේ නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද කතා කරන්නේ වාහන ආනයනය ගැන.නමුත් විපක්ෂය ලුණු ආනයනය ගැන කතා කරන්න පටන් අරගෙන.හොයලා බලනකොට පවතින දේට වැඩි දෙයක් විපක්ෂය සහ මාධ්‍ය කීපයක් විසින් මතු කර පෙන්වනවා.අප ඉදිරිපත් කර තිබෙන වාහන ආනයන ගැසට් නිවේදන ගැන විපක්ෂයට කිසිම විරෝධයක් නෑ .
ලුණු ප්රශ්නය පැන නැගුණේ දෙසැම්බර් මාසයේ සිට .ලුණු හදනවා කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්.එහෙම නැතුව මාලිමා ආණ්ඩුව ආපු නිසා ලුණු නැති වුනා නෙමෙයි.අව්ව සුළඟ යන දෙකම හරියට තියෙන්න ඕන.සාමාන්‍යයෙන් ලුණු හැදෙන්න මාස හතක් යනවා.ඒ වගේම ස්වභාවික තත්වයන්ද යහපත් විය යුතුයි.දෙසැම්බර් මාසෙදිම ලුණු ගේන්න තීරණය කළේ ඒක නිසා තමයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුණු නැති එකම රට ලංකාව වෙන්න ඇති. akd වෙල්ඩන්...
දැන් මෙතන කියනවානේ... දෙසැම්බර් මාසේ ලුණු ගේන්න තීරණය කරා කියලා. එතකොට ඒ ගෙනාපු ලුණු කොහේ හරි තියෙන්න ඕනෑනේ. ඉතින් ඒ ලුණු තොග හොයාගන්න බැරිද?
කජු කෑවා විතරක් නොවෙයි, මහ බැන්කුවත් හොරා කෑවා.
උපන් දා ඉඩම්" කියන කතාව තමා මාධ්‍ය භාවිතය. දැන් 5/6ක් සමඟ රාජ්‍ය මාධ්‍ය මොකද කරන්නේ? මාෆියා හදාගෙන පාලකයන් එලවනවා.
මුන්ට බිත්තර දාන්නත් කාලයක් යනවා, ලුණු හදන්නත් කාලයක් යනවා. තව හරියට ඊට කලින් ඒවා හදන එක නැවතිලා තිබිලා , මුන් ඇවිත් පටන් ගත්ත වගේ. ආපු දවසේ ඉඳන්ම කියවන්නේ රනිල්ගේ කජ්ජ ගැන. දැන්වත් කයිය නවත්තලා වැඩක් කරන්න . නැත්නම් පච වලටම තමුසේලාගේ අවුරුදු පහ ඉවර වෙලා යයි.
යන්න සුනිලෝ යන්න... කජුයි, ලුණුයි... අතරේ තියන සම්බන්ධය කියන්නකෝ... පච මරුවෝ...
එහෙම නොකෑවා වුනත් ලුණු හිඟයක් තියෙනවා කියන්නේ අර්බුදයක් නොවෙයිද? මේ ඇමතිලා මොක්කුද ඇත්තටම? බලය ලැබුනම මොලේ ක්ෂීණ වෙලා ගිහින් වගේ.
මහින්ද රාජපක්ෂ ලුණු ගෙන්වා ආ, මතක නෑ. චන්ද්‍රිකා ලුණු ගෙන්වා ආ, මතක නෑ, මෛත්‍රී ලුණු ගෙන්වා ආ මතක නෑ, අඩුම ලංකාවේ අයට කිසිම මතයක් නෑ.
ඇයි සීයා ඔච්චර කජු කෑවා නම් විමර්ශනයක් කරන්නකෝ .කරලා බිල් ටික එහෙම එලියට දාන්නකෝ .ඔයාලාගේනේ ආණ්ඩුව .නිකන් පච දොඩවන්නේ
මෝඩ හදුනෝ, කජු වලයි ලුණු වලයි වෙනස තේරුම් ගන්න බෑරි මෝඩ මූසලයෙක්!
මම රනිල්ට කැමතිම නැහැ. ඒත් රනිල්ට කජු කෑවා වගේ කියමින් අපහාස කිරීම ජාති ජාතීත් විපාක ලැබෙන්න පුලුවන් වේවි මොකද ඔය කජු ඔහුම කෑවේ නැහැනේ ඊළගට 2025.02.04 නිදහස් දිනයේ උමා ඔයෙන් ආපු ඇත්තා කජු කනවා ලෝකයම බලා හිටියා ඒවා අමතක කර ඔහොම කියන්න එපා සදුන්.