
(අංජුල මහික වීරරත්න)
රනිල් බලයට ආවේ රාජපක්ෂවරුන් බේරා ගැනීමට නොව රාජපක්ෂවරුන්ගෙන් රට බේරා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
පරිණත නායකයන් කවුදැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ රටට අසීරු මොහොතක දී බව කී පාලිත රංගේ බණ්ඩාර මහතා "බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ"ජාතියේ නායකයන් දැන් අවලංගු කාසි වී ඇතැයිද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කාන්තා සමුළුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා... රනිල් ආවේ රට බේරගන්න මුවාවෙන්... රටේ මිනිස්සුන්ගෙන් රාජපක්ෂලාව බේරාගන්න.
මොනවා කියනවද මන්දා...? රනිල් ආවේ රාජපක්ෂ හොරු රැල බේරාගන්න. තක්කඩි රැළට බේරෙන්න තියෙන එකම විකල්පය ඔහු. JVP ආවොත් ඔක්කෝටම ජම්පර් අඳින්න වෙන බව ඔක්කෝම දන්නවා..
රනිල් ආවේ රටේ මිනිස්සුන්ගෙන් ආජපක්ෂලාව බේරගන්න.. ඒක තමයි ඇත්ත කියලා මුළු රටම දන්නවා. යහපාලන මගඩියේදීත් අවුරුදු 5ක් තිස්සේ ගහපු ගේම තමයි මේ ආයෙත් ගහන්නේ. බොරු කතා කියන්න එපා. රට බේරගන්න පව්...!
මේ කතාව ඇත්තක් නම් රනිල් අඟේ ඉඳන් කන කන්නයි හදන්නේ.. එයා කවදාවත් යාළුවන්ට එහෙම කරන එකක් නෑ... රටට හෙන ගැහුවත්...!
රටේ ජනතාව දැක්කා 2015-2019දී රනිල් රාජපක්ෂලා බේරාගත්තු හැටි. මෙයාම 2018 දී පළාත් පාලන ඡන්ද පැරදිච්ච වෙලාවේ කිව්වා රාජපක්ෂලාව බේරගත්තු නිසා වෙච්චි ඉරණම කියලා. ඒ මොහොතේ මෙයා සජිත්වාදියි. ඒ නිසා තමයි මෙයාට රනිල් කැබිනට් ඇමැති ධුරයක්වත් නොදුන්නේ...
අනවශ්‍ය කතා කියමින් ජනතාව අතර වෛරය පැතිරවීමට වඩා තමතමන්ට හැකි දෙයක් රට වෙනුවෙන් කිරීම වඩා වැදගත්ය. කිසිවෙකුත් ගැන ඉතා පහත් ලෙස කතා කිරීමත් තව කෙනෙකු ගැන අතිශයෝක්තියෙන් කතා කිරීමත් අවැඩක්ම සිදුකෙරේ...
ආවේ කාව බේරගන්නද කියලා ජනතාව දන්නවා. සමුළුවක් කිව්වට සීයක්වත් නෑ නේද?
රනිල්ට අගමැතිකම බාරගන්න කිව්වෙත් ගෝඨාභය රාජපක්ෂ නේද?
එතකොට දැන් ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙවෙයිද? නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න.
වොඩ්කා බෝතලේට වතුර දාගෙන ගෙදර වාහනේ ආවා නේද?
මොනවා වුණත් ඇත්තක් කිව්වා.. ඔක්කොම ගොන්නු තමයි...
තාමත් මෙයාලා පස්සේ යන අය ඉන්නවනේ..!
මම හිතන්නේ රාජපක්ෂලා හොරුන්... ඒක බොරු නෙමෙයි.., හිරේ දාන්න ඕන. හොරකම් කරපු සල්ලි ගන්න ඕන.. මේ රට අගාධයට දැම්මේ ඔය පවුල.. එළිපිට හෝ හොරෙන් හරි උදව් කරන අය නම් අපාගත වෙනවා. රනිල් 19 සංශෝධනය ගෙනැල්ලා එදා වැඩේ කරන් එනකොට 26/10/2018 සිරා වැඩේ විනාශ කළා. නැත්නම් මෙලහකට හරි, දැනුත් 1 වැඩේ වෙනවා 21 ගෙනැල්ලා උදව් බැරිනම් කට වහගෙන කරන වැඩේ කරන්න දෙමුද?
කව්ද අප්පා මේ ගොල්ලන්ගේ සමුළුවලට යන කාන්තාවෝ..? මේ පෙනිපෙනී කියන බොරු අහන් ඉන්න. එජාප දැන් යල්පැන ගිය පක්ෂයක්... තමුන්ගේ පාක්ෂිකයින්ට අවුරුදු ගාණක් තිස්සේ වෙච්චි පළිගැනීම් ගැන බලය තියෙන කාලේ පියවරක් ගන්න බැරි වුණු පක්ෂයක් සහ නායකයින් දැන් මෙතන බයිලා ගහනවා...
බල්ලා පිදුරු කන්නෙත් නැහැ? මොකක්ද ඒ කතාවේ තේරුම? ඔබ හිතනවද හැම දේශපාලන නායකයාම රනිල් වගේ. රටේ බහුතරයක් ඉල්ලන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්..‘‘ කියලා. අනෙක් දේශපාලන නායකයෝ කොන්දේසි දැම්මා. රනිල් කිසිම කොන්දේසියක් නැතිව මේකට කැමැති වුණා. දැන් ප්‍රශ්නෙ විසඳුනාද? ගෑස් තියෙනවද? තෙල් පෝලිම් ඉවරද? දැන් සැපද?
ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෑ කිසිම ජනමතයක්, ජනතා කැමැත්තක් නැතුව මේ වගේ තනතුරු බාර ගන්නවට. රනිල් වික්‍රමසිංහ පමණක් නොවේ ඔතැන ඉන්න සියලු දෙනාම ගියපාර ඡන්දෙදී මහජනතාව ප්‍රතික්ෂේප කරපු උදවිය... කිසිම හිරිකිතයක් නැතුව තනතුරු බාර ගන්න ලැජ්ජාවක් නැද්ද...?
මට කවදාවත් රනිල් ගැන ලොකු පැහැදීමක් තිබුණේ නෑ. හැබැයි කවුරුත් මේ අභියෝගය බාර ගත්තු නැති වෙලාවේ රනිල් ගහන මේ ගේම් එක ගැන මට පැහැදීමක් තියෙනවා. අඩුම ගානේ ප්‍රශ්නය හඳුනාගත්තු ප්‍රශ්නය අපිත් එක්ක කතාකරන ප්‍රශ්නයට උත්තරයක් හොයනවා කියන එක පේන්න තියෙන නිසා මේ අවුල අපිට ලෙහාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ට තියෙනවා..!
බොරු කියන්න ඔය තරම් හදිස්සි වෙන්න එපා. රනිල් ආවද නැත්නම් රනිල්ව හොයාගෙන ගිහින් දුන්නද කියල මිනිස්සුන්ට අමතකඋනේ නෑ තවම.
එජාපය අවස්ථානුකූල ලෙස උතුම් මව්බිම බේරාගැනීමට ඉදිරිපත්වීම ඉතා අගය කොට දකිනවා. ඒ සඳහා උතුම් පූජ්‍ය උතුමන්, ආශිර්වාද කොටගත් එක්සත් වැඩ පිළිවෙළක් සකස් වේවා...! පූර්ණ සහ කොන්දේසි විරහිත සහයෝගය ලබාදීමට කැමැතියි. ඒ සඳහා උතුම් වැඩපිළිවෙළක් සකස් වේවා...!
රනිල්ගේ 2015/2019 රජය කාලේ ජනතාවට ලැබුණු සේවය අගය කරනවා වෙනුවට ඔහුට බැංකු හොරා කියමින් නිගා කිරීම ඉතාම කණගාටුදායක වන්නේ කිසිඳු කොමිසමෙන් හෝ පරීක්ෂණයකින් ඔහු වරදකරුවකු කර නොමැති හෙයිනි. එම රජයෙන් කළ සේවාවන් ජනතාවට නොදැනීම පරාජයට හේතුවකි. ඊට වගකිව යුත්තේ එම මන්ත්‍රී කණ්‌ඩායමයි. ඔවුන් රනිල් යටතේ රජයකින් ඔවුන්ට හොරකම් කීරීමට බැරිනිසා ඊට ඔබින නායකත්වයක් යටතේ ඡන්දයක් පෙනිපෙනී පෙලගැසීම සිදුවුණා. එසේ කඩාගෙන යාමේ ප්‍රතිවිපාක අද මුලුරටම විඳිනවා. එම රජය තරම් ජනතාවට සහන දූන් රජයක් මෙතෙක් බිහිවී නැත. ඉන් සමහරක් මෙසේය. 1. පෙට්‍රල්, ඩීසල් හා ගෑස් 40%ක් පමණ අඩු කිරීම 2. 1990 නමින් නොමිලේ ගිලන් රථ සේවාව 3. රජයේ රෝහල්වල සියලුම රසායනාගාර පරීක්ෂණ එම රෝහල් තුළම කිරීමට පහසුකම් 4. ඇස් කාච භා ස්ටෙන් නොමිලයේ ලබා දීම 5. පිළිකා රෝගීන්ට අවශ්‍ය මිල අධික බෙහෙත් නොඅඩුව ලබාදීම 6. රෝහල්වල බෙහෙත් හිඟය මග හැරීම 7. ගැබිනි කාන්තාවන්ට පෝෂණ මල්ල 8. සියලුම පාසල් දරුවන්ට රුපියල් ලක්ෂයක රක්ෂණ ආවරණය 9. ස්වභාවික ආපදාවන්ට වන්දි... අද මේවා ලැබෙනවද?
පිටකෝට්ටේ පාරට හිටිගමන් තාර දාලා සජබ ගොයියන්ගෙන් රනිල්ව බේරාගත්තේ කවුද කියලා මතක් කරගෙන කතා කරන්න...