
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව කියමින් මෙම කැඳවීම කර ඇත.
අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙසද රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
එදින අල්ලස් කොමිසමට නොපැමිණියහොත් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ අංක 126 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාට පිං අතේ වැඩක් කරගෙන ඉන්න නෑනේ. කල හොඳ පස්සෙන් එනවා.
ඡන්දේ කිට්ටු වෙනකොට හැම ආන්ඩුවක් ම ඔය වගේ පොඩිපොඩි ආතල් දෙනවා.
යෝගා.., මාව බේරගනිං මචං…!
සුබ නැකතින් අවුරුදු කාලා, හිසතෙල් ගාලා, ස්නානය කරලාම එන්න. මතකද සුභ දිශාව සහ වර්ණය? ආලුත් අවුරුද්ද සුභයි වගේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැංකුවේ පැවති, ස්ථාවර තැන්පතු මුදල් ඉවත්කර ගැනීම පිළිබඳ ප්‍රකාශයක් මාධ්‍ය මගින් ලබාදෙන ලදී...!
මදැයි ට්‍රම්ප් කේස් එකෙනුත් අවුලක් වුණා. දැං මේ මගුලක් ඇවිල්ලා. ගොඩ ඒමක් ආයෙත් මේ කපේදී නෑ.
ආ එහෙමද? එතකොට රජයක නියමිත මූල්‍ය ක්‍රමය අනුව කටයුතු කිරීම අල්ලසක් කියලා දැනන් හිටියේ නෑ. රනිල් කිව්ව විදියට භාන්ඩාගාර ලේකම් හරහා දැනුම් දීලා. මේ රට අද සමුර්දිමත් රටක්. අතමිට, කනකර පිරිලා. සාක්කුවේ සල්ලි පිරිලා. රුපියල් 5000ක් අරන් කඩේ ගියාම සති 2ක් කන්න බඩු ගේන්න පුළුවන්. ඒ අතින් ඉසුරුමත් නිසා අද දැවෙන ප්‍රස්නය, බටලන්ද, මහින්දගේ ගෙදර සහ චාමරගේ ප්‍රස්නයනේ නේද?
රටේ නීතියට උඩින් කවුරුවත් ඉන්න බෑ. අනිත් එක මෙයා අධිකරණයට අපහාස කළා.
ඉතාමත් වේගවත්ව තීරණ ගන්න අල්ලස් කොමිසමක්. පුදුමයි... ඊයේ හවස 6ට රනිල් ප්‍රකාශයට පත්කළේ මේක... අද දවල් 12 වෙද්දි කැඳවීමකුත් ලැබිලා. කොමිසම මීට පෙර බාරගත්තු සියලුම වැඩ අවසන් කරලා වෙන කරන්න දෙයක් නැතිව ඉද්දී මේක හම්බ වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ ලෝකයේ තියන වේගවත්ම අල්ලස් කොමිසම මෙහේ වෙන්න ඇති...
ප්‍රාදේශීය සභා මැතිවරණය ආසන්නයේ, මේ වැඩකට නැති පාලනයට අවශ්‍ය වන්නේ බොරු බොරුවක් කියා රනිල් අත්අඩංගුවට ගැනීමට සහ රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කර ඔහුව අත්අඩංගුවට ගැනීමට සෑම දෙයක්ම කඩිනම් කිරීමටයි. අල්ලස් කොමිසම අධික ලෙස කලබල වී සිටින අතර දිනෙන් දින ජනප්‍රියත්වය අඩුවෙමින් පවතින වත්මන් ජනාධිපතිවරයා සතුටු කිරීමට අධික ලෙස ප්‍රතිචාර දැක්වීය. දැන්, දේශපාලනඥයෙකු හදිසියේ අත්අඩංගුවට ගැනීම ඇතුළු සෑම දෙයක්ම කර නැවත මහජනතාව කැළඹීමට ඔහුට අවශ්‍යයි.
මේ මෝඩ ආණ්ඩුව ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය හම්බෙන්න ඕන මෙයාට. සජිත් එක්ක තියෙන තරහට ඉස්සෙල්ලා මහ මැතිවරණෙ තිබ්බෙ නෑ. ඊට පස්සෙ ජනාධිපතිවරණෙදි පරදින බව දැන දැන සජිත්ගේ ඡන්ද ටික කැඩුවා. ඒත් කමක් නෑ හොඳට මුන් ආණ්ඩුව කරගෙන යනව නම්. මිනිස්සුන්ව බොරුවෙන් අන්දලා කිසිම වැඩක් කරන්න බැරි ගොන් සෙට් එකක් ඇමතිල කරා. දැන් ඉතින් සනීපද කියල තමයි අහන්න තියෙන්නෙ. එජාපෙත් කාලා, සජබෙත් කාලා, පොහොට්‍ටුවත් කාලා රටත් කාලා දැම්මා.
මා මිත්‍ර අනුර ඔබතුමාට මොකුත් කරන එකක් නෑ. මොකද මේ ආණ්ඩුව තාමත් යන්නේ ඔබගේ ප්ලෑන් වලින් බව රටේ හැමෝම කතා කරනව. ඔය පොඩි නාට්ටියක් නැටුවට ඉඳල හිටලා අනුර ඔයාට මොකුත් කරන්නෙ නෑ.
මාර වැඩේ රනිල්ට වුනේ...