(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායී සහ ශක්තිමත් කරවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය සාදරයෙන් පිළිගත යුතු වර්ධනීය අවස්ථාවක් බව ද හිටපු ජනාධිපතිවරයා කියයි.
එමෙන්ම කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (යිට්කා) [Economic and Technical Cooperation Agreement] සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රනිල් ’’අනුර-මෝදි’’ ප්‍රකාශයේ ගුණ කියයි
සුමේධ Tuesday, 17 December 2024 07:01 PM
මාලිමාවට ඡන්දය දීපු අයට වඩා සජබ සහ එජාප (දක්ෂිණාංශික ලිබරල් පිල) අය තමයි මේ වෙලාවෙ ඇත්තටම සතුටු වෙන්න ඕන.එට්කා ගිවිසුම ඉන්දියාවේ සිට ලංකාවට තෙල් විදුලිය සහ මහාමාර්ගය ඉදිවීම අපේ සිහිනයක්.මීළගට එම්සීසී ගිවිසුමත් ළග ළගම එනවා.මේව තමයි සුභ ලකුණු.දැන් මේවට විරුද්ධ වෙන්න මාරාන්තික උපවාස කරන්න කෙනෙක් නෑ.රනිල්ලට සජිත්ලට ඔය ඉන්දු ඇමරිකා වැඩපිළිවෙළ ලංකාවට ගේන්න කවදාවත් බෑ.ජවිපෙ රාජ්‍ය සේවා වෘත්තීය සමිති දාල රට නවත්තල වැඩේ අල කරනව.දැන් ඒ කුලප්පු වෙන කණ්ඩායමේ නායකය තමයි රජවෙලා ඉන්නෙ.දැන් ඔවුන්ට බයක් නෑ.තමන්ගෙ නායකය කරනකොට ඒ විශ්වාසය හැදෙනව.ඇත්තටම හොඳයි.රටට සුභයි.මහින්ද කාපු චීන ලණුව වාමාංශික නායකයෙක් අතින්ම ඇදල එළියට දැමීම ගැන දක්ෂිණාංශික ලිබරල් පිලේ අය මේ වෙලාවෙ කිරිබත් කන්න ඕන.
samantha Tuesday, 17 December 2024 08:54 PM
තෙල් ටැංකි ටික ගිවිසුමක් වත් නැතිව ලියලා දුන්න රනිල් පිම්ප්යා කියන කතා.
Perera Wednesday, 18 December 2024 03:23 AM
මෙයාගේ අදහස කාටවත් මොකටද දැන්.
චතුරි Wednesday, 18 December 2024 05:29 AM
දැන් ඉතින් වෙන මොනවා කියන්නද? පැරැන්නෝ කියපු ප්‍රස්තා පිරුලු සිහි කර ගන්න මඩේ හිටවපු ඉන්නවගේ, ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ, පන්ඩිතයට ඒ දන්ඩේ යන්න බැහැලු, ගිනිපෙනෙල්කෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එලියටත් බයලු, උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි.
Nishan Wednesday, 18 December 2024 05:33 AM
එදා එට්කා ගිවිසුම අල්ලගෙන රට ගිනි තියපු හනුමා අද ඔක්කෝටම කලින් එට්කා ක්‍රියාත්මක කරන්න හදන එක තමයි ලොකුම විහිළුව. මේ විදියට තමයි මෙයාලා පහුගිය 50 වසර තුළ මුළු රටේම දියුණුව අඩාල කළේ. දැන් එයාලටම ඒක වැටහිලා.
N.Dahanayaka Wednesday, 18 December 2024 05:50 AM
දැන් ඉතින් සජිත්ට ඩෝං යාවි.
විදුර Wednesday, 18 December 2024 07:21 AM
එතකොට ගෑස් නැති වෙනවා කීවේ පචයක්ද?
siri Wednesday, 18 December 2024 12:31 PM
බලපුවාම ඔක්කොම යාළුවෝ එක වැඩපිළිවෙළට තමා වැඩ... ඡන්දෙ කාලෙට දෙපැත්තට වෙලා දෙස් කියාගන්නවා. ජනතාව මෝඩ වෙනවා.