
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටී.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහාය.
මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබෙයි.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගැනෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චි...චි.... ඒක හරි නැහැ නොවැ රට බංකොලොත් වෙච්ච වෙලාවේ බාර ගත්ත මනුස්සයා, අපිට 2045 වෙනතුරු ඉන්න කියලා අන්තඃපුරය සමග ලෝකය පුරා රවුම් ගැහුව මනුස්සයා මිලියන ගානක කජු කෑව මනුස්සයා වටේ ඉන්න ඇච්චෝ බැච්චෝ සේරටම උපදේස තනතුරු දුන්න මනුස්සයා ...... එහෙව් මනුස්සයාට මෙහෙම කරන එක හරි නැහැ අනුර .......
අනිද්දාට එනකොට ඇඳුම් මල්ලකුත් අරං එන්න...
මෙයාවත් ඇතුළට එවනකන් මට මෙහෙ නින්ද යන්නේ නැහැ.
මහත්තයාට දතේ අමාරුවක් කිව්වා නේද?