( +++ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කඩහඬ පිළිබඳ වාර්තාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට අද (24) බාරදීමට නියමිතය.
වාර්තාව බාරගන්නැයි අධිකරණයට දැනටමත් දැනුම් දී තිබෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘‘ලංකාදීප‘‘ යට ඊයේ පැවසීය.
රන්ජන් රාමනායක මහතා විනිසුරුවන් කිහිපදෙනෙකු සමඟ පැවැත්වූයේ යැයි කියන දුරකතන සංවාදවල ස්ථීරවම සිටින්නේ ඔහුමදැයි (කටහඬ) තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉකුත් දා පරීක්ෂණ අරඹන ලදී. ඉහත වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේ ඒ හඬ පරීක්ෂණය පදනම් කරගෙනයි.
මේ පරීක්ෂණයට යොදාගැනීමට එන්ජන් රාමනායක මහතාගේ කටහඬ සාම්පලයක් ද පසුගියදා ඔහු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා ලබාගෙන තිබිණි.
මේ පරීක්ෂණයට අනූව ඒ හඬපලටයේ හඬ ස්ථීරයෙන්ම රන්ජන් රාමනායක මහතාගේ බව රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට තහවුරු කරගෙන තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ හඬ පරීක්ෂණය කළේ අධිකරණයේ නියෝගයක් අනුවය.
රජයේ රස පරීක්ෂක ඒ වැලිඅංග මහතාගේ අධීක්ෂණය යටතේ සැකකටයුතු ලේඛන පරීක්ෂණ අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම පරීක්ෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථිරෙන්ම කටහඬ තහවුරු කරගත්තා කියලා උසාවියට කියන්න පෙර ප්රසිද්ධ කරලයි තියෙන්නේ.