( +++ ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.
‘පී’ සිර මැදිරියේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා ජෙලර්වරයකු බාරයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව ඔහු හමුවීමට ඉඩ සලසාදී ඇත.
සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් වූ ඉකුත් 15 වන දිනෙන් පසු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහු බැලීමට පැමිණ ඇත්තේ ඊයේ (13) වීම විශේෂත්වයකි.
මෙතෙක් නීතිඥවරුන් හැර වෙනත් කිසිදු දේශපාලනඥයකු ඔහු හමුවීමට පැමිණ තිබුණේ නැත.
මේ වනවිට රන්ජන් සමග ‘පී’ සිර මැදිරියේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද රඳවා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න වැදගත් තොරතුරක්.
දැන් හොරු අල්ලලා ඉවරයි.
උපදෙස් දීපු කට්ටිය සුව දුක් බලන්න යන්නේ නැතුව වෙන කවුරු යන්නද.?
කපිල චන්ද්‍රසේන මේ ගොයියා සමග කතාවට යන්න එපා.. සියල්ලම හිරුණිකා මාර්ගයෙන් එළියට ඒවි...
රටම හොරාකාපු බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් නිදහසේ, සුවසේ, කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කියන්න ගිහින් වෙච්චි දෙයක්.... ඇත්ත තිත්තයිලු...
අද කටුනායකදී අත්අඩංගුවට ගත්තා "මස්කට් සිට පැමිණි මඟියාත්" ‘පී’ සිර මැදිරියට යවයිද? නැත්නම් කෙලින්ම රජ මැදුරට යවයිද?