(ඉන්දිකා රාමනායක සහ දසුන් රාජපක්ෂ)
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පසුව රැගෙන ගියේය.
පාර්ලිමේන්තුමන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.
රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද සිල්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයාට නියම කළේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




(ඡායාරූප - ඉෂාන් සංජීව)


COMMENTS
මේ සැරෙත් පොලිස් නිලධාරියාව බදාගත්තද දන්නේ නැහැ
තීරණය නීවැරදියි නඩුව අසා අවසන් වන තුරු ඇප නොදිය යුතුය. හඩපට නිසා සමාජයෙ පිරිහීම වටහා ගත හැකිවා මෙන්ම නීතිය වල් වැදී සමාජය උඩු යටිකුරු කර ඇති සැටි මනාව පැහැදිලි වේ. මෙරට බිහිවූ සෑම රජයකම අඩු වැඩි ලෙස නීතියට බලපෑමි කර තිබෙ ඒ රාජ්‍ය නායකයන් විසිනි.
කලිනුත් ලිව්ව විදිහට, ගමේ පුංචි සිඤ්ඤෝට වුණත් තේරෙන දේ තමයි රන්ජන් මේ කරලා තියෙන්නේ. මිනිස්සුන්ට කටට වචන දිදී තමන්ට ඕනේ දේවල් කියවගෙන අනාගතේ ඒවා බිය ගැන්වීම්, කප්පම්, දේශපාලන හෝ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා යොදාගැනීමේ අදහසින් රහසින් පටිගත කර තියාගෙන තියෙනවා කියන එක. මේක ඉතා බරපතල වරදක්... වරදේ බරපතලකම වැඩි වෙන්නේ මේ සැලසුම්සහගත නීතිවිරෝධී ක්‍රියාව කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් වීමයි. ඒ හින්දා අනාගතේ මෙවන් දේ නොවෙන්න සහ පාර්ලිමේන්තුවේද ගෞරවය ආරක්ෂා වෙන්න නම් සමාජයටද ආදර්ශයක් වෙන විදිහට වරදට දඬුවම් දිය යුතුමයි. ඊළඟට රටේ තහනම් ගණිකා වෘත්තීය ප්‍රවර්ධනය කිරීම සහ අනුබල දීමට එරෙහිවත් වෙනම නඩුවක් දැමිය යුතුයි. ඒ වගේම ද්වේශ සහගත චේතනාවෙන් අන්‍ය ආගම්වලට ගැරහීමත් බරපතල වරදක්... හැබැයි බුද්ධාගමට, මහා සංඝරත්නයට සහ බෞද්ධන්ට එරෙහිව හිතාමතාම විවිධාකාරයේ ගැරහුම් අවලාද වල නියැලුණු ක්‍රිස්තියානි ආගමිකයාගේ "කොලිටිය" නම් ලංකාවම දැක්කා. ඒ වගේම මේ අත්අඩංගුවට ගැනීම ජනතා අවධානය වෙනතක හරවා යූටර්න් ජනාධිපති කරන රටේ සම්පත් විකිණීම වහගන්නද කියලත් බලන්න වෙනවා.
මේ පුද්ගලයා අත වනන්නේ තමන්ගේ රැහේ අනිකුත් අයටද?
අනික් මිනිස්සුන්ගේත් චරිත විනාශ කරලා රෙද්දක් ඇඳගෙනද දන්නේ නෑ අතවනවන යන්නේ.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
රන්ජන්ව විතරක් අත්අඩංගුවට අරගෙන ඇතිද මහත්තයෝ එතකොට රන්ජන් තනියමද කෝල් කරලා තියෙන්නේ. හරියට නීතිය ක්‍රියාත්මක වෙනවානම් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අයගෙන් බාගයකට වඩා , සමහර නීතිඥවරු , උසාවිවල වැඩකරන සමහර කට්ටිය , ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේත් ඉන්න සමහර කට්ටිය සහ ඔවුන්ගේ බිරින්දෑවරු , නළු නිලියොන්ගෙන් සමහර කට්ටිය , සමහර විනිශ්චයකාරවරු, පොලිසිවල ඉන්න සමහර ලොකු උදවිය, අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න සමහර ඉහල නිලධාරීන් මේ සියලුම දෙනාව අත්අඩංගුවට අරගෙන දැඩි දඩුවම් දෙන්න ඕනා.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට සියල්ල හෙළිකිරීමට හොදම අවස්තවක් උදා විඇත. දුෂිත දේශපාලකයන් සහ අනෙකුත් වගකිවයුතු දුෂිතයන් රටේ ජනතාව දැන ගත යුතුය. ඔවුනට දඩුවම් දිය යුතුය. මෙතෙක් කිසිදු දේශපාලකයකු හෝ වගකිවයුත්තකු දුෂණය පිළිබද කතාකලා පමණි. නමුත් රන්ජන් සැගවුණු දුෂිතයන් සහ සමාජයේ සුදුරෙදි පොරවා දුෂිත වැඩ කරමින් අනුනට බන දේශනා කරන දුෂිතයන් පිලිබදව රටේ ජන තව දැන ගැනීමට අයිතියක් ඇත. එසේ නොවන හොත් ඉදිරි මැතිවරණයේදීත් දුෂිතයන් පාර්ලිමේන්තු යනු ඇත.
ස්විස් එම්බසි, පාඨලී, රන්ජන් නාටක මාරයි. අර මනුස්සයා හිටියා නම් එළවළු ගණන් යාම, ඩෙංගු පැතිරීම ගැන පත්තරෙන් හරි දැකලා මොනවා හරි කරනවා...
ලෝක වාර්තාවක් කරලා වගේ අත උත්සන් යනවා.
දෙවැනි පින්තූරයේ තිබෙන පරිදි රන්ජා ඔලුවේ දෑත බැඳගෙන "දෙයියනේ මට මොකද වුනේ" කියලා අහනවා වගේ පේනවා...!! ඉබ්බා නහින්නේ කට නිසා නේද? කොහොම වුණත් මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත්වූ එජාපයේ ඇමතිවරු තිදෙනා වන රාජිත, චම්පික සහ රන්ජන් හොඳට කට ඇති පුතුන් තිදෙනක් බව නම් පැහැදිලිවම පේනවා. එම පක්ෂය තුළ තවත් එවැනි කට ඇති පුතුන් රැසක්ම ඉන්නා බව රජය දනී..
මට නම් පේන්නේ ආණ්ඩුව ජනතාවගේ අවදානය වෙනතකට හරවන්න කරන උප්පරවැට්ටි කිසිවැඩක් ඇති දේවල් නොවේනේ. රටේ විසඳන්න කොච්චර ප්‍රශ්න තියේද අනෙක ඔය මනුස්සයා හොරකම් කරලා මිනීමරලා නැහැ. අහස උසට බඩුමිල රට විකුණන ගිවිසුම් එහෙන් ගෝඨාභය මහත්තයා වනකර ගන්නයි හදන්නේ.. රටේ ජනතාවගෙන් ඔහුට තිබුණු ප්‍රසාදය අඩුවෙමින් තියෙනවා.
නියමයි. කියලා වැඩක් නෑ. ජීවිත කාලෙටම හිරේ තියන්න ඕනෑ. මොලේ කළඳක් නැහැ. යහපාලනේ රහ හොඳට පෙන්නුවා හැබැයි.
ලෝකයේ ඇති දූෂිතම රටක, දූෂිත දේශපාලකයන් විසින් හොරෙක් නොවන දේශපාලකයෙක් බරපතල අපරාධකාරයෙක් කර තමන් සුදනන් වීමට ගන්නා උත්සාහයක් අපි දකිමු. අද සිටින බොහෝ උපාසක දේශපාලකයින්ගේ හඬපට අපට අසන්නට හැකිවන්නේ නම් රංජන් වඩා හොඳ බව කියන්නට හැකිවෙනවාට සැක නැත. අධිකරණය දූෂිත නම් බහුතර සංඝ සමාජය යහපත් මඟක නැතිනම් දේශපාලකයන් පට්ට හොරු නම් රංජන්ට පමණක් නොව වන්දනාවේ නොයෙදෙන වහලුන් නොවන පුරවැසියන්ටද කියන්නට යමක් ඇත. රංජන් හරහා අපරාධකරුවන් නිදහස් කරගැනීමේ චේතනාවක් වර්තමාන රජය තුළ පවතින බවක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී තරුණ මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රකාශයක් මඟින් තේරුම් ගත හැකියි. රංජන් යම් වරදක් කර ඇත්නම් ඒ සඳහා දඬුවම් ලබාදිය යුතුයි. එලෙසම බැඳුම්කර වංචාකරුවන්ට, තාජුඩීන් ඝාතකයින්ටද සමානව සිදුවිය යුතුයි. දැනට සිරගතව සිටින දුමින්ද සිල්වා මහතා නිදහස් වන්නේ නම් තවදුරටත් අධිකරණයේ ගෞරවනීය බව ජනතාවට දැක ගැනීමටද හැකිවනු ඇත.
අත්අඩංගුවට ගන්නකොට මාංචු දමන්නේ නැද්ද?
දවසක ඔහු වීරයකු වනු ඇත.
නොසණ්ඩාල වැඩකරලා පොලිස් ජීප් එකට නගිනකොට අචාර කරන හැටි. මෙහෙමත් ලජ්ජා නැති අය !!!
ඇයි රන්ජන් විතරක් ගත්තේ ? විනිසුරුවරියට බලපෑම් කළානම් එතුමියට එදාම පැමිණිලි කරන්න තිබුනනේ. නීතිය හොඳට දන්නා අයනේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.