(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය.
මන්ත්‍රීවරයා හඬ පරීක්ෂාවක් සඳහා පෙබරවාරි 7වනදා උදෑසන 10.00ට රස පරීක්ෂකවරයා වෙත යොමුකරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම හිරේ ඉන්න ඕනේ කෙනෙක්...
උරුමේ බෙදාහදා ගත්තට කරුමේ එහෙම නොවේ. තනියම ගෙවන්න ඕනෑ රන්ජෝ.., මම නම් රන්ජාට ගරු කරනවා. දිනන පැත්තට පැනලා හොර, මැර, ජඩකම් කරා නම් රන්ජන් අද ඉන්නේ හිර ගෙදර නොවේ.., රජ ගෙදර, නුඹට ජය..., මට නම් රන්ජා වීරයෙක්...
ඔය කවුරු කෑගැහුවත් පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක් හිරේට යන්නේ නැහැ. ඕනේ නම් ඊළඟ ඡන්දෙට ඉස්සෙල්ලා කව්රුහරි එක්කෙනෙක්ව ඇතුළට දායි. හොරු ඇල්ලුවා කියලා පෙන්නන්ට. ඡන්දෙ දිනුවට පස්සේ ඇතුළට දාපු කෙනා නිදහස් කරයි. මේවායින් හැමදාම රැවටෙන්නේ ඡන්දෙ දෙන මහජනයායි.
කෝ දැන් පරණ යහළුවෝ නැහැ නේද ? දැන්වත් තේරුම් ගන්න ඔයාව ඉත්තෙක් කරගෙන හිටියේ. ඒ අය අද සතුටින් වැජෙඹනවා. ඔයා කූරු ගනිනවා. උරුමයක කරුමය. දැන්වත් හිතන්න ඔය ඇමතිකමට වඩා නළුකම හොදයි කියලා.
අනේ මෙයා අපි ආණ්ඩු මරුකලැයි, රන්ජාගේ නාටක බලන්නද? අයියෝ වියත හා විපත...
මේ රට බොරුවට ආගම ඉස්සරහට දැම්මට දේශපාලකයින් ඔක්කොම හොරු...
ඇඳුමක් අඳින්න ඉගෙන ගන්නත් හිරේ වැටෙන්න ඕනේ. පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ස්ථානයකට එන්නේ ෂර්ට් එක උඩින් දාගෙනය. හරිහමන් පාසලකට ගිහිල්ලා නැතිබව ඇඳුමෙන් පෙනෙනවා ...
රන්ජන් යාලුවා මොකද එකපාරටම කෝට් එකට බැස්සේ? සුපුරුදු දකුණු ඉන්දියානු ක්‍රමයට ඇඳුම් අැන්දිල්ලට උසාවියෙන් අවවාද කලාද? අපි ඔහෙට ඔය ටික කිව්වේ බොහොම ඉස්සර...
ඇඳුම් ගැනයි, සෙරෙප්පු ගැනයි හැර මෙතුමා කළ යහපත් දෙයක් ගැන කතාකරන්න අවංකවම...