(ටී.කේ.ජී.කපිල )
ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය අද(15 ) කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ තම නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
රුපියල් කෝටි එකසිය දහයක් වටිනා කිලෝ ග්‍රෑම් 35 කට අධික බරකින් යුතු මෙම රන් තොගය මෙරටට ගෙන ඒම සදහා , විශේෂයෙන්ම සකස් කළ , මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයේ උපකරණ 09 ක් තුළ සඟවා , ඒවා සිය ගමන් මල්ලේ ද සඟවා ගෙන මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . රන් බිස්කට් 195 ක් සහ කිලෝ ග්‍රෑම් 13 ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙසේ අත් අඩංගුවට ගත් රත්තරන් තොගයේ විය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රන් සමඟ ගුවන් මගියා මාට්ටු