(ඉන්දිකා රාමනායක)
යතුරු පැදිවලින් සංවිධානාත්මකව ගොස් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කඩ ගැනීමේ නිරත සැකකරුවන් තිදෙනකු ඇතුලු හය දෙනකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තිදෙනකු කාන්තාවන් බවත්, සැකකරුවන් කොල්ල කෑ රන් මාල එම සැකකාරිය විසින් විවිධ ප්‍රදේශ වෙත අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.
රාගම පොල්හේන ප්‍රදේශයේ සැකකටයුතු යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේ දී ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙන් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම රන්මාල කොල්ල කෑම සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
මෙම කණ්ඩායම ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම කල්ලියට සම්බන්ධසැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සොරබඩු අලෙවි කිරීම සම්බන්ධයෙන් සෙසු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් රාගම, කඳාන, ජා ඇල, බටුවත්ත, යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. මොවුන් රාගම, වත්තල, ජා ඇල, යන පොලිස් වසම් වල සිදුව ඇති රන් මාල කොල්ල කෑම් 9 ට සම්බන්ධ පුද්ගලයන් බවද පොලිසිය කියයි.
ජීව අත්බෝම්බය ළග තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුට තවත් රන් මාල කැඩීමේ සිද්ධීන් 15 ක් සම්බන්ධයෙන් මහර, ගම්පහ, වැලිසර, හා මීගමුව යන අධිකරණ වල නඩු විභාග වන බවද පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරාය පරිශ්රයේද?
කල්ලියේ නායකයා කලුතර පැත්තේ කෙනෙක්දැයි සොයාබලන්න...!
ඔය කල්ලියේ නායකයා ඉන්නේ පානදුරේ පිංවත්තේ... සමහර වෙලාවට දියවන්නාවට ගියත් අල්ලා ගන්න පුළුවන්...
ඔය කණ්ඩායමේ නායකයා ඉස්සර දුම්රියේ මාල කඩපු කෙනෙක්ද?
මේ වැඩේ කෝච්චියේ කළා නම්, ඔවුන් අනාගතයේ මේ රටේ ඇමති මණ්ඩලයේ...