(දිලංගා ගෝමස්)
රන් ආලේපිය ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය.
මෙලෙස රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම වූයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වැල්ලවත්ත ලිපිනයේ පදිංචි වයස අවු 69 ක් පමණ වන විසාකා අයිරාංගනී කුමාරී වීරකෝන් හා ඇයගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවක් වන ඇගිලිගුල්යා වීරකෝන් නැමැති කාන්තාවන් දෙදෙනාය.
වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක ටී 56 ගිනි අවියක් තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුක් මත පරික්ෂා කිරීමේ දී රත්තරන් පැහැති සහ නිකල් පැහැති T 56 වර්ගයේ ගිණි අවිය සොයා ගත් බව අධිකරණයේ දී කියැවිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රන් පැහැති ගිනි අවියට කතුන් දෙදෙනා රඳවා ගන්න අවසර
අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 06:57 PM
මෙයාලාගේ බබා පාර්ට් හරියන්නේ නැහැ... දෙක තුනක් ඇනලා හරි ඇත්ත දැන ගන්න ඕනෑ, මොකක් හරි ලොකු ගේමකට සෙට් වෙලාද දන්නේ නැහැනේ...
රුවන් Wednesday, 21 May 2025 08:23 PM
ලෙලි කසකස්ථානයේ කියන්නේ අනිවා ඉස්ලාම් ත්‍රස්තවාදී සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්...
fairoosThursday, 22 May 2025 11:46 AM
හැම එකටම ආගම ..ඒකනේ ලංකාව මෙහෙම නන්නත්තාර වෙලා තියෙන්නේ
Ekanayake Wednesday, 21 May 2025 11:10 PM
මේක කසකස්තානෙන් ගේනකොට කටුනායක CCTV වලට අහු නොවුනේ ඇයි?
Rama Thursday, 22 May 2025 05:18 AM
කල්පණාවෙන් හොයන්න ඕන දෙයක්. ලේලි නැන්දම්මාට හොරෙන් බෑග් එක ඇතුලට දැම්මද දන්නේ නෑ තමන්ව අහු නොවෙන්න. එහෙම නැත්නම් දෙන්නම එකතුවෙලා විකුණන්න ගියාද දන්නේ නෑ. රත්තරන් ගාලා නිසා නැන්දම්මත් වහ වැටිලා ලේලි එක්ක එකතු වෙලා හිටියද දන්නෙත් නෑ. ඔක්කොම පැත්තක තියලා ලේලි නැන්දම්මාව ගෙදරින් එලවා ගන්න අලුත් කාලේ ක්‍රමයක් හෙව්වද දන්නෙත් නෑ. පාතාල සහ ත්‍රස්තවාදී ක්‍රියා වගේම ඕවත් හිතන්න පුළුවන්.
Bunny Preena Thursday, 22 May 2025 09:30 AM
හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කිව්වලු.