IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රන් ආලේපිත අවියක් කතකගේ කාරයේ ඩිකියෙන් මතුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ තිබි අඩක් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් සිය මෝටර් රථය වාහන ගාල් කරන ස්ථානයේ නවතා එහි ඩිකියේ තබා තිබු ගිනි රැගෙන අත දරාගෙන උඩුමහලේ පිහිටි නිවස කරායාමේදී ඒ බව ආරක්ෂක නිලධාරීන් විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම කාන්තාවගෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය සිතා ඇත්තේ දරුවකු සෙල්ලම් කිරීම සඳහා යොදාගත් සෙල්ලම් ගිනි අවිය දරුවකු විසින් මෝටර් රථයේ ඩිකියේ තබන්නට ඇතැයි යැයි සිතා තමන්  නිවස කරා රැගෙන ගිය බවයි.

ඇය හැව්ලොක් නිවාස සංකීර්ණය වෙත පැමිණීමට පෙර අවශ්‍යතාවයක් සඳහා බොරැල්ලට ගොස් මෝටර් රථය බොරැල්ල සූසාන භූමිය ආසන්නයේද නතර කර තබා තිබී ඇති අතර එය අගුල් නොදමා තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ නමුත් එම කාන්තාව ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නා අතර ටි 56 ගිනි අවිය මෝටර් රථය තුළට පැමිණියේ කෙසේද යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.



අදහස් (5)

රන් ආලේපිත අවියක් කතකගේ කාරයේ ඩිකියෙන් මතුවේ

ජයනාත් Tuesday, 20 May 2025 06:17 PM

මාත් කාරෙක බොරැල්ලේ නවත්වලා ඩිකිය ලොක් නොකර යන්නෝන.

:       0       22

Bunny Preena Wednesday, 21 May 2025 09:23 AM

කියන්නා කෙසේ කිව්වත්, අසන්නා ඉතා සිහිබුද්ධියෙන් අසිය යුතුයි. එයා කියන්නේ බොරුවක් නම් ?

:       0       6

රුවන් Wednesday, 21 May 2025 11:00 AM

කොළඹ 5 වැල්ලවත්ත නෙමෙයි තිඹිරිගස්යාය. හැබැයි ෆ්ලැට් එකේ කොටසක් පොලිස් වසමේ නම් වැල්ලවත්ත...

:       0       1

fairoos Wednesday, 21 May 2025 11:14 AM

ලංකාව දැන් මෙක්සිකෝව වගේනේ... T56 එහෙම නිකන් හම්බ වෙනවා... NPP ආණ්ඩුවෙන් මේකට හොඳ විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       0       3

ලොකු බණ්ඩාර Wednesday, 21 May 2025 02:50 PM

අපේ පොලිස් ඇමැති ඉන්නකන් හොඳයි.... මේ වගේ සුරංගනා කතා කියලා රවට්ටන්න පුළුවන්... ඔය කාන්තාව ඕක සෙල්ලම්බදුවක් කියලා අරගෙන යනකොට යන්න බර හැදෙන බරක් දනෙන කොටවත් හිතුනේ නැද්ද මෙච්චර බර අවියකින් කොහොමද ළමයි සෙල්ලම් කරන්නේ කියලා. අනික මෙයා කවදාවත් නොදැකපු මේ සෙල්ලම් බඩුව ගැන මෙයා විමසිලි වෙලා නැද්ද? ඕවා වෙන්න බෑ නෝනේ. දැන් බෝම්බයක් ඕක ඇතුලට දාලා තිබුණත් ඒකත් ගෙදර අරන් යයි ඔය විදියට... ඕක දාපු කෙනා අනිවාර්යයෙන් ඕක ගන්න කාර් එක පස්සෙන් එනවා. එහෙමත් නෑ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site