IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


රදැල්ල අනතුරෙන් හතක් මරුට: 44කට තුවාල

(ආර්.එස්.එම්.සුහෙල්)

නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්,වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී පාල්ලමකට යෑම නිසා හත් දෙනකු මියගොස් 44 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 

කොළඹ තර්ස්ටන් විදුහලේ 11 වසරේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බසයක් මෙසේ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයකට ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු මියගොස් ඇත.

මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ  බස් රථයෙන් සිසුන් 44 දෙනකු ගමන් කර ඇති අතර ඉන් සිසුන් 41 දෙනකුට තුවාල සිදුව ඇති අතර ළමයින් 3 දෙනකුට කිසිදු අනතුරක් නොමැතිව බේරි ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති. තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ වන විට තුවාලකරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි. 

බස් රථයට සහ ත්‍රිරෝද රථයට ද දැඩි හනි සිදුව ඇති අතර වෑන් රථය හැටන් කුඩාගම ප්‍රදේශයෙක් වෑන් රථයක් බව ද දැනට හඳනාගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයෙන් නව දෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය පවසයි. 

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.



අදහස් (19)

රදැල්ල අනතුරෙන් හතක් මරුට: 44කට තුවාල

ජගත් ලියනගේ Friday, 20 January 2023 09:22 PM

හරිම කණගාටු දායක සිද්ධියක්. අපේ රටට පුදුම නරක කාලයක් ලබල තියෙන්නෙ.

:       3       44

BamunuaracchiSunday, 22 January 2023 05:52 PM

මේ අනතුරට වගකියන්න ඕන ජෙප්පෝ...

:       3       1

Chaminda Friday, 20 January 2023 09:49 PM

trip organizers should take responsibility. They should have come earlier to reach Colombo. why did they late to start from there. Bus driver may be tried to come fast because he has to take the student before mid night to Colombo.

:       50       45

C.K.LankaputhraSaturday, 21 January 2023 04:28 AM

තර්කය එතරම් තාර්කික නොවේ.

:       9       8

manjulaSaturday, 21 January 2023 08:15 AM

අනෙක් කරුණ නම් දින 01ක පාසල් චාරිකා සඳහා උපරිම දුරක් තිබිය යුතුය, මොකද ඔවුන්ට ස්ථාන ආවරණය කිරීමට ඇත්තේ ඉතා සීමිත කාලයකි, එබැවින් සෑම විටම බස් රථ රියදුරන් වේගයෙන් හා වේගයෙන් යාමට උත්සාහ කළ යුතුය.

:       2       9

KumaraSaturday, 21 January 2023 11:21 AM

Chaminda are you in Sri lankan? You know how many kilometers from Colombo to nuwaraeliya. Its one day trip not just a two or three days trip

:       6       2

SanthuSaturday, 21 January 2023 12:41 PM

කලින් එන්න තිබුන කියන්නෙ පැයක් දෙකක්ද, එහෙම නම් විනාඩියක් කලින් අවානම් ඒත් මේ අනතුර සිදු නොවෙන්න තිබුන, නොසැලිකිල් කමත් තරඟකාරි කමත් තමයි මේ හැම දේටම මූලික අපි කුඩා කලත් අනතුරු සිදු උනා, නමුත්, එදා පාරවල් හරි නෑ කියල පුරුදු උනා වැරදි හොයන්න නමුත් අද සුඛෝපබෝගී වාහන සුපිරි මාර්ග ඒත් අනතුරු අඩු නැහැ තන්හාව නිසා ඡීවිත අනතුරේ දමන රියැදුරන්ව අඩුම තරමින් වසර 2 කකට සිර දඞුවම් ලැබිය යුතුයි.

:       0       6

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 21 January 2023 02:54 PM

බස් රියැදුරන්ගේ කිසිදු හික්මීමක් විනයක් නැහැ.මිනිස් ජීවිත තඹයකට මායිම් කරන්නේ නැහැ. අනිත් වාහන වල අය බස් රථ වලට තියෙන්නේ පුදුමාකාර බියක්.පොඩ්ඩ වැරදුනොත් ඇඟට කපනවා.මෙතනත් කරලා තියෙන්නේ, ඩීසල් ඉතිරි කරගන්න ප්‍රධාන පාර වෙනුවට පටු පාරක් භාවිතා කරලා.මෙවන් රියැදුරන් හට දැඩි දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.

:       0       10

Nath Saturday, 21 January 2023 12:16 AM

බොහෝ පාසල් මෙවැනි චාරිකා සංවිධානය කර ඇත. ගුරුවරුන් තමන් වෙනුවෙන් අනවශ්‍ය අවදානමක් ගන්නේ මන්දැයි මම නොදනිමි. එය ඔවුන්ගේ රැකියාවේ කොටසක්ද?

:       0       0

චිරන්ත Saturday, 21 January 2023 04:03 AM

සාමාන්‍යයෙන් ඉස්සර නම් රජයේ කාර්‍යාලයකට හෝ වෙනත් තැනකට ලිපියක් ලැබුනොත් ලැබුණු භාෂාවෙන්ම පිළිතුරක් යැවීම පිළිගත් සම්ප්‍රදාය වුනා ලිපියේ මුද්‍රාව වුනත් අදාල භාෂාවෙන් තැබුවා උදාහරණයක් හැටියට සිංහල භාෂාවෙන් ලැබුනොත් සිංහලෙනුත් දෙමළ භාෂාවෙන් නම් දෙමළ භාෂාවෙන් පිළිතුරක් යැවීම කලා එහෙම නොවුනාම ගැටුම් ඇතිවුණා කියන කියමනට උතුරේ යුද්ධය පෙන්වා දෙන්න පුළුවන් මම එහෙම කිව්වෙ සිංහල භාෂාවෙන් පලකල පුවතක් වෙනුවෙන් ඉංග්‍රීසියෙන් අදහස් ඉදිරිපත් කිරීම සුදුසු නැහැ කියලා කියන්න තමයි.

:       15       6

Gayan Saturday, 21 January 2023 05:15 AM

කොළඹ ප්‍රදේශයේ සිසුන්ට නුවරඑළියක් එක් දින සංචාරයක් ලෙස තෝරා ගැනීම වැරදි තීරණයකි. මෙය අනෙකුත් සියලුම පාසල්වලටද හොඳ පාඩමක් වනු ඇත.

:       1       21

Sunil Saturday, 21 January 2023 07:39 AM

මේ සතියේ වාර්තා වූ දෙවැනි සිදුවීම. මේ රියදුරන්, විශේෂයෙන්ම බස් රථ රියදුරන් තමන්ටම නීතියක්.

:       0       9

යෝගා Saturday, 21 January 2023 07:40 AM

දැනට ඇති තොරතුරු අනුව බස් රථය පල්ලමේ වේගයෙන් ධාවනය කර ඇත. රියදුරු මත් ද්‍රව්‍ය ගෙන සිටියාද සොයා බලන්න. පාසැල් සිසුන් අතරත් අයිස් මත්ද්‍රව්‍ය බහුලව පැතිර ඇත

:       5       15

kamal Saturday, 21 January 2023 09:13 AM

මේවගේ නරක දේවල් වෙන්න එකම හේතුව තමයි නක්ෂත්රේ අත්හැරීම. වැදගත් ගමනක් යනකොට කිල්ලෙන් වැළකිලා හොඳ නැකතකින් නොකිරීමයි.

:       24       7

Ruhunu Saturday, 21 January 2023 12:31 PM

මේක අධ්‍යාපන චාරිකාවක්ද ? විනෝද චාරිකාවක්ද?

:       0       3

surath Saturday, 21 January 2023 01:49 PM

බස් රථ කන්ඩායමේ තම නම රැක ගැනීමට තමන්ට නොහැකි වේගයෙන් රියදුරු ගියාද? සිසුන්ගෙ ඔල්වරසන් නිසා වේගයෙන් ගියාද? වරප්‍රසාද නොලත් 7 ක් එලොව ගියාද ? සිසුන් ගුවනින් කොළඹ රැගෙන ඒම යහපත් වුවත් ජනාධිපතිවරයාට සෙසු පිරිස සිහි වුනාද?

:       1       6

Ishan Saturday, 21 January 2023 01:53 PM

ලංගම බස් අනිවාර්ය කල යුතුයි පාසල් අධ්‍යාපන චාරිකා සදහා . අධ්‍යාපන කාලප මට්ටමින් ලංගම බස් වෙන්න කරවාගෙන,ඒසදහා සුදුසු රියදුරු මහත්වරු පලපුරුද්ද හා අවම අනතුරු මට්ටමක් හෝ රිය අනතුරු නැතිව බස් රථ ධාවනයකල අය අනිවාර්යෙන අනුයූක්ත කල යුතුයි.

:       0       8

kamal Saturday, 21 January 2023 02:47 PM

යෝග මහත්තය ඔබ නිවැරදියි. දවසකින් නිම කරන්න බැරි ගමනක් සැලසුම් කල පාසල් ගුරුතුමන්ලාත්, රියදුරාට කොහොමහරි අපි යමු කියූ ගුරුතුමන්ලාත්, වැරදි නැහැ. වැරැද්ද රියදුරාගෙයි, ඔබකියන විදියට දැන් ලංකාවේ ළමයි කුඩු ගහන නිසා ඒ ගොල්ලන්ගේ කුඩු සැර රියදුරාට වැදිලා තමයි මේ භයානක අනතුර සිදු වෙලා තියෙන්නේ.

:       1       4

පිටිගල මිලානෝ Saturday, 21 January 2023 04:09 PM

මියගිය 7 දෙනා අතර තර්ස්ටන් සිසුන් නෑ කියලා ගැම්මෙන් ප්‍රවෘත්ති වල කියන්නේ.. අනිත් මැරුණ උන් මිනිස්සු නෙමේද…….?

:       2       19

ඔබේ අදහස් එවන්න

දියත

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 454 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 337 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 282 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 550 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 121 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 837 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site