(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල්)
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි ඉකුත් මස (20) දින සිදු වු රිය අනතුරේ බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප තුනක් මත මුදා හැර යලිත් එම නඩුව මාර්තු 02 දින කැදවිමට නුවරඑලිය මහෙස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා නියෝග කලේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හොරණ කුඩුඋදුව ප්‍රදේශයේ පදිංචි ඉගුරගේ ඥාණරත්න නැමති (62) හැවිරිදි අයයි.
ඇප මත මුදා හැර ඇති සැකකාර රියදුරා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා රැගෙනවිත් ආපසු කොළඹ දක්වා බස් රථය ධාවනය කරන අවස්තාවේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වත්ත අසලදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු වැන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස්දෙනෙකු, වැන් රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථයේ රියදුරා ජිවිතක්ෂයට පත් වි බස් රථයේ සිටි පාසල් ළමුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට කොහේ හෝ වැරදී ඇත..
7ක් මරපු කෙනාට දවස් 7න් ඇපත් දීල.