
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුරා මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රත්වත්තේ යුවල අද (5) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම රුපියල් 25000 බැගින් වු මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිණි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.
ඊට අමතරව සැකකාර යුවලට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
කොටස් ගෙන්වා එකලස් කල රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් වසර ගණනාවක් තිස්සේ දැන දැන පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් ඔක්තෝබර් මස 31 වෙනි දින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාත් ඉකුත් නොවැම්බර් මස 4 වෙනි දින ශෂිපබා රත්වත්තේ මහත්මියත් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd