
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ලබන මස 2 දින දක්වාත් ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක්වාත් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිණි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.
කොටස් ගෙන්වා එකලස් කළ රුපියල් කෝටි ගණනක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් වසර ගණනාවක් තිස්සේ දැන දැන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කෙරිණි.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහත්වරුන් අධිකරණයට කරුණු දැක්වුහ.
මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් බාර දී තිබෙන ප්‍රශ්න ගත මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සහ රේගු පනත යටතේ ක්‍රියා කරනවාද යන්න කරුණු ඉදිරිපත් කිරීම සඳහා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට මෙම මස 22 වෙනි දින අධිකරණයේ පෙනී සිටින සිතාසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් සානුකම්පිතව බලන්න...වාහන ආනයනය තහනම් නිසයි, එකලස් කරන ලද වාහනයකින් ගිහිල්ලවත්, ලංකාව 2048 දී සුරපුරයක් කරන්නයි බැලුවෙ ...