(මහින්ද නිශ්ශංක)
දින අටකට පසු කොළඹ - බදුල්ල, බදුල්ල - කොළඹ, කොළඹ - කන්කසන්තුරය හා කන්කසන්තුරය - කොළඹ යන රාත්‍රී තැපැල් දුම්රිය සතර අද(29) ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී හා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ටී. එල්. වික්‍රමරත්න මහතා පැවසීය.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඉකුත් 21දා සිට රටපුරා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් කොළඹ - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර කිසිදු තැපැල් දුම්රියක් ධාවනය නොකළ බවද දුම්රිය පාලක කාර්යාලය පවසයි.
කොළඹ- ත්‍රිකුණාමලය හා ත්‍රිකුණාමලය - කොළඹ, මඩකලපුව - කොළඹ හා කොළඹ - මඩකලපුව, කොළඹ - කලෙයිමන්නාරම මා තලෙයිමන්නාරම - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද(29) අවලංගු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd