
(රේඛා තරංගනී ෆොන්සේකා)
රත්මලාන දුම්රිය අංගන වැඩ බිමේ වෘතිය සමිති රැසක එකමුතුවෙන් සංවිධානය කල විරෝධතාවක් අද රත්මලානෙන් ගමන් අරඹා කොළඹ කොටුව දුම්රියපොළ දක්වා පැමින එහිද විරෝධතාවයක නිරත පසුව ගෝඨා ගම දක්වා ගොස් එම විරෝධතාවට සහය පළකරමින් විරෝධයක් කළහ.
මේ වන විට බඩුමිල ඉහල යෑමත් සමග රජයේ සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සදහන් කළ විරෝධතාකරුවන් කිරිපිටි මිල තෙල් සහ ගෑස් මිල ඉහල යෑම දරා ගත නොහැකි බව පැවසීය.
කිරීමට නොහැකිනමි තව තවත් ජනතාව පීඩාවට පත් නොකර රජයට ගෙදර යන ලෙස ඉවුන් ඉල්ලා සිටියහ.
මේ පිළිඔදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය සමගි දුම්රිය සේවක සමිති නියෝජ්‍ය අධ්‍යක්ෂත බුද්ධික ඔෂාන් මහතා පැවසුවේ ජන අරගලයට සහය දක්වමින් වෘතිය සමිති දහයක් අද විරෝධතාවයට එක්වු බවයි.
රාජ්‍ය සේවකයින්ගේ හෙට දවසේද වැඩ වර්ජනයට ඔවුන් එක්වන බවද ඔහු පැවසීය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට පඩි ගන්න අය. වැඩ කරන ගමන් වර්ජනය කරන්නකෝ... රටට පාත්වුණු කාලකණ්ණි...