
(අංජුල මහික වීරරත්න)
රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 - 09 -17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කරන ලදුව, ලංසුකරුවන් නව දෙනෙකු විසින් සිය ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු අදාළ ලංසු ඇගයීමේ කමිටුව හා ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන Sanken Construction (Private) Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,046.29 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 අනුමැතිය ලැබිලානම් ඒ කාලේම ලන්සුත් කඳවන්න ඇති. දැන් කාලේ හැටියට ඒ ලන්සු වලංගුද?????
තවත් එකතරා මුදල් නාස්තියක් , කාටුනයක් ගුවන්තොටුපල පිහිටලා තිබෙන්නේ රත්මලානේ සිට කිලෝමීටර් 45 දුරින් , කටුනායක සිට කොළඹ නගරෙට අධිවේගී මාර්ගය භාවිතා කර පැයභාගෙට අඩු කලෙකදී ලග වෙන්න පුළුවන් , ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 2 කොළඹට අවශ්‍ය නැහැ , ඕක සම්පුර්ණයෙන්ම ගුවන් හමුදාවට භාර දිලා , අර කටුනායක ගුවන්තොටුපලට උතුරෙන් පිහිටි ගුවන් හමුදා කඳවුරත් රත්මලානට ගෙනත් එම බිම් කොටස භාවිත කර කටුනායක පුළුල් කරන්න කටයුතු කල නම් වටිනවා ,