( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ පිහිටි රන්භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි 2 පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා තිබෙන මෙම ආයතනයේ දෙවන මහලේ ඇලුමිනියම් අල්මාරියක ලාච්චු දෙකක් තුළ මෙම රන් භාණ්ඩ තබා තිබී ඇතැයි පොලිසිය කියයි.
එහි සේවකයන් එම ආයතන වෙත පැමිණීමේ දී දෙවන මහලේ දොර විවෘත කර තිබුණ දැක විමසිලිමත් වීමේදී රන් භාණ්ඩ බහා තිබූ අල්මාරියේ ලාච්චු විවෘත කර ඇති බව දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් කොතලාවල මහත්තයාගේ දේපළ කොල්ල කාපු හොරු රජ කරන රටේ, හොරුන්ට හිතවත් කුඩා හොරුන්ට සිල්ලර හොරකම් කරන්න අවස්ථාව ලැබීම සාමාන්‍ය දෙයක්. අශිෂ්ඨයින් රජකරන සමාජයක බලාගෙන ඉද්දී පොහොසත් වෙන්න ඕනෑ නම් ගොට්ට අල්ලා තමන්ගේ වැඩේ කර ගැනීම විනා, වෙන නම් විකල්පයක් නැත. මොලගෙඩිය දේශපාලනීකරණය වූ මන්ද බුද්ධිකයින්ට මේවා තේරෙන කොට ඔවුන්ගේ මොලගෙඩියේ තිබෙන මැටි ටිකත් සුරා කා හමාරයි...
උකස් ආයතනයක සේප්පුවක නැතුව අල්මාරිවල බඩු තියෙනවා කියලා ඇහුවාමයි..