
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර ඇඹිලිපිටිය පුද්ගලික බස් රථයක කොන්දස්තරවරයෙකුට ප්‍රහාරයක් එල්ලකිරිමට විරෝධය පළ කරමින් රත්නපුර ඇබිළිපිටිය ,කහවත්ත රත්නපුර සහ රත්නපුර රක්වාන මාර්ගවල සියලුම පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දස්තරවරුන් අද ( 05 ) සේවයෙන් ඉවත්ව බස් වර්ජනයක් සිදු කළහ.
මේ නිසා මෙම මාර්ග වල ගමන් කරන දහස් ගණනක් මගින් අපහසුතවයට පත්වුහ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේදි වෑන් රථයකින් පැමිණි පිරිසක් රත්නපුර ඇඹිලිපිටිය පුද්ගලික බසයක කොන්දස්තරවරයෙකුට පහරදි ඔහු පැහැරගෙන ගොස් පසුව මග දමා ඇතැයි ද වර්ජනයේ නියුතු පුද්ගලික බස් සේවකයෝ පවසති .
තුවාල ලද එම බස් කොන්දස්තරවරයා ඇබිළිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයින් තිදෙනකු කුට්ටිගල පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම සිද්ධියට හේතුව කළක සිටම රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් සහ ඇබිළිපිටිය කොළඹ පුද්ගලික බස් රථ සේවකයින් අතර පවතින ආරඅවුලක් බව පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුරත් බස් වර්ජනයක්
ධම්මතිලක Sunday, 05 March 2023 01:57 PM
ඇඹිලිපිටිය, රත්නපුර මාර්ගයේ පුද්ගලික බස් කොන්දොස්තර පමණක් නොවෙයි රියදුරෝ පවා ඉතාමත් අවිනීත කුජීතම පිරිසක් කියලා කියන්න පුළුවන්... මගී ප්‍රවේශපත් ඉල්ලුවත් එන්නෙම වලියටමයි. බොරු නම් එම බසයක ගිහිල්ලා බලන්න.