IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 14කට නායයෑම් අනතුරු ඇඟවීම්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

රත්නපුර දිස්ත්‍රික්කයට  අද(03) වන දා දහවල තඳ  වර්ෂාව  නැවත ආරම්භ වීමත්  සමඟ  ප්‍රාදේශීය ලේකම්  බල  ප්‍රදේශ 14  කට  පළමු  අදියරේ  සහ  දෙවැනි  අදියරේ   නායයෑම්  අවදානම්   නිවේදන   නිකුත්   කර  ඇති   බැවින්    කඳු  බැවුමි  ආශ්‍රිතව  පදිංචි ජනතාව සහ  නාය  අධි අවදානම්  කලාප ලෙස  නම්කර   ඇති  ප්‍රදේශවල  පදිංචි  ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා ජනතාවට දැනුම් දෙයි.

රත්නපුර , ඇහැලියගොඩ , ඇලපාත , කුරුවිට , කහවත්ත , ගොඩකවෙල , පැල්මඩුල්ල යන ප්‍රදේශිය  ලේකම්  බල  ප්‍රදේශ  සඳහා  නායයෑම්  දෙවැනි  අදියරේ  අවදානම්  නිවේදන  නිකුත්  කර  ඇති  බවත් නිවිතිගල , අයගම , බලන්ගොඩ , ඉඹුල්පේ ,ඕපනායක , කිරිඇල්ල, සහ  කලවාන යන  ප්‍රාදේශීය  ලේකම්  බල  ප්‍රදේශ සඳහා නායයෑමේ  පළමු  අදියරේ  නිවේදන  නිකුත්  කර  ඇති බවත්  අභිත  වනසුන්දර  මහතා  පැවැසීය.

මීට   පෙර  පැවැති අධික වර්ෂාවත් සමඟ  නායයෑම් කිහිපයක්ම  සිදු වූ  බවත් යලිත්  පවතින  වර්ෂාවත් සමඟ  එම  ප්‍රදේශවල  නායයෑම්  යලි  සක්‍රිය වීමේ අවදානම් තත්ත්වයක් පවතින  බවද  ඒ   මහතා කීය.

තඳ  වර්ෂාවත් කඳු බැවුම් ආශ්‍රිත සහ  නායයෑමේ  අධි අවදානම් කලාපවල  පදිංචි ජනතාව විමසිල්ලෙන්  සිටින  ලෙසත්   තමන් පදිංචි  ප්‍රදේශවල  ගස්  ඇලවීම, කණ්ඩි කඩා වැටීම ,පොර  ජල  උල්පත් මතු වීම, ගල්  පෙරලීම, නිවාස වල ඉරි තැලීම, පොළ පුපුරා  යෑම  යන  ලක්ෂණ   ඇති  වන්නේ  නම්  වහාම  ග්‍රාම නිළධාරි මාර්ගයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල  ආපදා ඒකක   වෙත  දැනුම් දෙන  ලෙසද  ඒ  මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 14කට නායයෑම් අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site