(අජිත්ලාල් ශාන්ත උදය සහ කපිල කුමාර )
රත්නපුර පොලිස් වසමේ ගොරකඇල මණ්ඩදෙණියට හැරෙන තුංමං හන්දියේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි රත්නපුර පොලීසිය පවසයි.
ඊයේ ( 09) රාත්‍රීයේදී මෙම ඝාතන සිදු වී ඇති අතර ඔවුන් දෙදෙනා රත්නපුර මහ රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගොරකඇල මණ්ඩදෙනිය, කිරිවැල්දෙනියේ පදිංචි තිස්පස් හැවිරිදි ඩි. ඩී. සනත් කුමාර නැමැති දෙදරු පියෙකු සහ තිස් දෙහැවිරිදි සුරංග රසික කුමාර නම් පුද්ගලයෙකු ය.
මොවුන් දෙදෙනා පතල් කම්කරුවන් බව ද පොලිසිය කියයි.
එදින රාත්‍රී 7.30 ට 8 ට පමණ මොවුන් දෙදෙනා ගොරකඇල හන්දියට පැමිණ ඇති අතර රාත්‍රී 10-11 ත් අතර ඝාතනයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පැවසීය.
සනත් කුමාර නැමැත්තා නිවසින් පැමිණ ඇත්තේ ලබන වසරේ පාසලට ඇතුළත් කරන තම දරුවාට අවශ්‍ය පොත්පත්, ඇඳුම් පැළඳුම් ආදිය ගැනීම සඳහා හිතවතෙකු හමුවී මුදලක් ලබා ගැනීමට යැයි තොරතුරු ලද බව ද පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති බවද විමර්ශන කටයුතු පවත්වාගෙන යන බව ද පොලිසිය පැවසීය.
(ඡායාරූප - අජිත් ශාන්ත උදය)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රත්නපුර ද්විත්ව ඝාතනයක්