
(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
පාසලේ පන්ති කාමරවලට කඩා වදින රිලව් රංචු පාසල් දරුවන් හපා කන බවත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දිවා ආහාර පාර්සල් අවුස්සා පොත් සහ බෑග් ඉරා දමන බව හම්බෙගමුව ප්‍රාථමික විද්‍යාලයේ මව්පියෝ පවසති.
එසේ පන්ති කාමරවලට එන රිලවුන් පන්නා දැමීමට ක්‍රියාකරන ළමයින්ගේ ඇඟට පැන සපා කන්නේ යැයි ද මව්පියන් කියයි.
‘මේක අපිට හරිම කරදරයක්. පන්තියකින් එළියට යන්න බෑ. පන්ති කාමරයට රිලව් රිංගනවා. ළමයින්ගේ පොත් බෑග් අවුස්සනවා. බෑග්වල කෑම පාර්සල් තිබුණොත් ඒවා කනවා. ගුරුවර ගුරුවරියන්ගේ අත් බැගයක් කොතනකවත් තියන්න බෑ. ඒවායේ තියන ඒවා අදිනවා. පොත්පත් ඉරාදානවා. තනියම පොඩි ළමයෙක් අහුවුනොත් පැනලා හපා කනවා. හපා කෑවොත් විදින්න බේත් නෑ. පළමු වෙනි බේත මහ රෝහලික් විදින්න ඕනෑ. ළඟම මහ රෝහල කිලෝමීටර් පනස් දෙකක් ඈත තියන බළන්ගොඩ ඕලුගන්තොට රෝහල. නැත්නම් ඇඹිලිපිටිය දිසා මහ රෝහල. දෙවෙනි බේත තමයි හම්බෙගමුවේ තියෙන්නේ.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුරේ දරුවන්ට තවත් කරදරයක්
sirisena Wednesday, 23 November 2022 08:23 AM
මේක අපිට හරිම කරදරයක්නම් පාසලේ පන්ති කාමරවලට කඩා වදින රිලව් රංචු පාසල් දරුවන් හපා කන බවත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දිවා ආහාර පාර්සල් අවුස්සා පොත් සහ බෑග් ඉරා දමන්නේනම් මව්පියෝ / ගුරුවරු වසයෙන් ඔබලා රජයෙන් බලාපොරොත්තුවන විසදුම කුමක්ද ?සමගි ජනබලවේගයේ නායක සජිත් පාසල්වල පවතින ගැටළු විසදීම සදහා විසදුම් ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
චාන්දනී Wednesday, 23 November 2022 08:30 AM
ඔය පැත්තේ අයනේද කියත්මගේ කෙනෙක් පාර්ලිමේන්තු යැව්වෙ. එයාට කියලා බලන්න ජනාධිපතිගෙ වරදක් කියන්නෙ නැද්ද කියලා.?
Karl Wednesday, 23 November 2022 10:50 AM
ගලෝපු සාරි වලින් රිලව් අල්ලන්න බැරිද?!