(යොහාන් භාසුර)
හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (12) දිනයේ රුපියල් 155,000ත් 160,000ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 170,000 ත් 180,000 අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් එසේ වුවද මිලදී ගැනීමට රත්තරන් නොමැති තත්වයක් ඇති බවත්ය.
හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් පසුගිය දිනවල රුපියල් 175,000 ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ද, ඉහළ ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් විතර අඩු වුණා නම් අයි.එම්.එෆ්. එකේ ණය ලැබුණාම ඇමැතිතුමාලාට ගේට්ටු හදාගන්න තිබුණා නේද?
එක තමයි පැට්‍රොල් පෝලිමට වඩා දිග පෝලිම් තිබෙන්නේ. ත්‍රීවීලර් ගොයියෝ රත්තරන් අරගෙන වැඩි ගානට විකුනයිද දන්නේ නැහැ.