(ප්‍රසන්න පත්මසිරි)
බිබිල රතුගල ආදිවාසි ගම්මානයේ ජීවිත්වන පවුල් 98 ක ජනයා මේ දින වල උග්‍ර ආහාර හිගයකට මුහුණ දී සිටින බව එහි නායක සුදා වන්නිල ඇත්තෝ පවසයි.
එදිනෙදා කුලි වැඩ කරමින් ජීවිකාව ගෙන යන ආදිවාසීන්ට මේ දින වල රැකියාවන් නොමැතිවීමත් සමඟ ගම්මානයේ සියලුම දෙනා මේ වන විට දැඩි ආහාර අර්බුදයකට ලක්ව සිටිති.
ආදිවාසීන් නිල්ගල වනයේ ඇවිද සොයාගන්නා කටු අල ඇතුලු අල වර්ග පමණක් දවසකට එක වේලක් ආහාරයට ගන්නා බව කියයි.
මහ කන්නයේ හේන් වගාවටත් ජලය නොළබීම නිසාත් බඩ ඉරිගු සේනා දළඹු හානියෙන් විනාශ වීම නිසාත් ආදිවාසී ජනතාව මෙවැනි තත්වයකට පත්ව තිබෙන බව සුදා වන්නියා කියයි.
රජයෙන් ලැබිය යුතු සේවාවන් තම ගම්මානයට මෙතෙක් නොලැබුණ බව නායකයා කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ජනාධිපති කාර්යසාධක බලකායට දැනුම් දෙන්න.
මේ අය පිළිබද ග්රාම නිලධාරිතුමාට ලොකු වගකීමක් තියෙනවා. සොයාබලා රජයට දැනුම් දීම...
අපි හිතුවේ ස්වභාව ධර්මයට සමීපව ජිවත්වන ඔබට අපට වගේ ප්රශ්න නැතුව ඇති කියා. දැන් බලනවිට අපි සියල්ලන්ටම එකයි.