(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් රජය විසින් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කෙරේ.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.
අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 දක්වා මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා උදේ 5.00 වනතුරු බලාත්මකය.
ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරදා සහ 26 ඉරිදා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකය.
ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කළ නව නිවේදනය පහත දැක්වේ.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රතු දිස්ත්‍රික්කවල ඇඳිරිය දීර්ඝ කරයි
රසික Monday, 20 April 2020 06:39 AM
මොන විහිළුවක්ද මේක ?ඊයෙ කියන එක අද වෙනස් කරනවා. අනික් රටවල වගේ නිශ්චිත ඉදිරි දිනයක් දක්වා මේ ලොක්ඩවුන් එක ක්‍රියත්මක කරන්න ඕනා. ඡන්දය ගැනම හිත හිතා පිස්සු නටලා රටේම මිනිස්සුන්ව අමාරුවෙ දාන්න හදනවා.
Shilani Monday, 20 April 2020 08:19 AM
බස්වල සෙනග පුරවලා ගෙනිච්ච් ඩ්‍රයිවර්ලා ඉන්න රටක වෙන මොනවා කරන්නද ? වැල යන අතට මැස්ස ගහන්න ඕන වෙලාවක් මිසක් පොතේ ගුරා වගේ ලියපු දේම කරන වෙලාවක් නෙවෙයි. රටේ ජනතාවට හානිකර දේවල් සිදුවීමේ වගකීම ඔබලා බාර ගනවානම් ඔය කියන විදිහට වැඩ කරන්න. අපිත් ඉන්නේ රතු දිස්ත්‍රික්කයක තමයි හිරවෙලා ඉන්නේ. නමුත් පරිස්සම ලොකුයි හිරවීමට වඩා.
AnuMonday, 20 April 2020 02:14 PM
හරියට හරි Shilani. හොඳට කතා බීබී නිකන් තියන phone එකේ බොත්තම ඔබ ඔබ වීරයෝ වෙන්න දඟලන රසික වගේ අයටත් ඒ වගේ වැඩකට නැති ඒවාට likes දිදී උඩගෙඩි දෙන කාලකන්නි ජීවිත වලට ප්‍රායෝගික දේවල් තේරුම් ගන්න බැරි මොල තියෙන්නේ. ඔය එකෙක්වත් 'අනික් රටවල්' කින් කියා ඇදගත්තට ට්‍රම්ප් ගොයියා වගේ මේ රටෙත් වැඩ කෙරනානම් ඔය බොරු රෑකඩත් අද ආදාහනය වෙලා ඇමරිකාවේ 40,000 වගේ.
මධුරි Monday, 20 April 2020 04:20 PM
දැන්නං හැමදාම තිබුණත් කමක් නෑ. ඒකට හුරුවෙලා ඉන්නෙ.