(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් රජය විසින් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කෙරේ.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.
අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 දක්වා මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා උදේ 5.00 වනතුරු බලාත්මකය.
ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරදා සහ 26 ඉරිදා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකය.
ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කළ නව නිවේදනය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිළුවක්ද මේක ?ඊයෙ කියන එක අද වෙනස් කරනවා. අනික් රටවල වගේ නිශ්චිත ඉදිරි දිනයක් දක්වා මේ ලොක්ඩවුන් එක ක්‍රියත්මක කරන්න ඕනා. ඡන්දය ගැනම හිත හිතා පිස්සු නටලා රටේම මිනිස්සුන්ව අමාරුවෙ දාන්න හදනවා.
බස්වල සෙනග පුරවලා ගෙනිච්ච් ඩ්‍රයිවර්ලා ඉන්න රටක වෙන මොනවා කරන්නද ? වැල යන අතට මැස්ස ගහන්න ඕන වෙලාවක් මිසක් පොතේ ගුරා වගේ ලියපු දේම කරන වෙලාවක් නෙවෙයි. රටේ ජනතාවට හානිකර දේවල් සිදුවීමේ වගකීම ඔබලා බාර ගනවානම් ඔය කියන විදිහට වැඩ කරන්න. අපිත් ඉන්නේ රතු දිස්ත්‍රික්කයක තමයි හිරවෙලා ඉන්නේ. නමුත් පරිස්සම ලොකුයි හිරවීමට වඩා.
දැන්නං හැමදාම තිබුණත් කමක් නෑ. ඒකට හුරුවෙලා ඉන්නෙ.