
(යොහාන් භාසුර)
අදහන සහ විශ්වාස කරන බුද්ධ දර්ශනයට අනුකූලව රණවිරු දරුවන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි උතුම්ම කාර්ය පින් සහ සෙත් පැතීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
කොටි ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රණය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
සංග්‍රාම භූමියේදී රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවීම, ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත්වූ සහ සෙසු සියලුම රණවිරුවන් වෙනුවෙන් සෙත් පැතීම සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සියලුම සිවිල් වැසියන් වෙනුවෙන් පිං පැමිණවීම පිංකමේ අරමුණ බවට පත්වූ බව ද ඒ මහතා කීය.
යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඇතැම් සේනාංකවල යුධ සෙබළුන් ඔවුන්ගේ දෑතින්ම බුදු පිළිම නෙළා පූජා කළ බවත් යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් වෙනුවෙන් රණවිරුවන්ගේ දෑත්වලින්ම සඳ හිරු සෑය ගොඩනගා රණවිරුවන්ගේ නාමයෙන් සම්බුද්ධ ශාසනයට පූජා කළ බව ද මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
රණවිරුවන් වෙනුවෙන් පැවැත්වූ ආගමික කටයුතු සඳහා යුක්තව මූලිකත්වය ගෙන කටයුතු කළ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නායක, කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ස්තූතිය පුදකරන බව කී මහින්ද රාජපක්‍ෂ මහතා මේ අවස්ථාවේදී ගංගාරාම විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර නායක හාමුදුරුවන් වහන්සේව ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු එම පක්‍ෂයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ වටේ ඉන්න අය? එක එක්කෙනාට නඩු වැටෙනකොට බලාගන්න පුළුවන් වෙයි... රටට කරපු අපරාධය...
තම දිවි පරදුවට තබා යුද බිමේ සටන් කරපු විරෝදාර රණවිරුවන් ගේ ගරුත්වය පවා නැතිකරපු එවුන් .සළකපු විදිය,කරපු හරිය දන්නෝ.හොන්දාකාරවම දන්නවා .
අමු අමුවේ මරා දැමූවා කුඩා දරුවන්ට සෙත් පතන්නේ නැද්ද? වායු සමනය කළ ඔෆිස් වල ඉඳන් , රට සුද්ද කළ අය තමයි ඔය ඉන්නේ.මම ලියලා තිබූ දේට ඔබලා අකමැති බව දන්නවා . මම ගරු කරන එකම වීරයයි ඉන්නේ . ඒ තම තමන්ගේ සහෝදර සෙබලුන් වෙනුවෙන් දිවිදුන් හසලක වීරයා.
සිංහල රට එක් සේසත් කල නියම සිංහල නායකයානෙනි. ඔබ ඇතුළු සියලු රණ විරුවන්ට අපේ උපහාරය.
2025-05-19 දින “යුධ විරුවන් සමරණ දිනය”යි. LTTE කුරිරු ත්‍රස්තයන්ගෙන් රට බේරා ගත් දිනයක් වේ. එහෙත් LTTE ගැනවත් කූරු ත්‍රස්තවාදය ගැනවත් වචනයක් කීමට බැරිව තැටමුවා . මහින්ද රාජපක්ෂ ගේ මයිල් ගහක් තරමටත් ලං කරන්න බැහැ
අපේ ජනපති... මගේ ජනපති... ඔබට දීර්ඝායුෂ වේවා... මහ රජාණෙනි ඒත් මෙතැන ඉන්න ඡායාරූප අතේ තියාගෙන ඉන්න කී දෙනෙක් නම් "එදා රට අනුරට" කෝටියක් අනුරට කියලා ගිහින් දීපු 2000 න් පස්සේ ඉපදුණු ඩෝබිල කී දෙනෙක් ඇතිද ? මුන් විශ්වාස නැති සෙට් එකක්... දැන් ඡායාරූපයකට නම් ඉන්නව සුදානෝ වගේ... රට අනුරයට දීලා... දුකයි... ඒකයි.
මහින්දයාගේ කාලේ රටේ නායකයා වශයෙන් යුද්ධය කරගෙන යන්ඩ අවශ්‍ය දායකත්වය ලබා දුන්නා. වීරෝධාර රණවිරුවන් තම දිවිපුදා, දිවි පරදුවට තබා,ආබාධිත වෙලා ලබාදුන් යුද ජයග්‍රහණයෙන් ලකුණු දාගත්තේ,මාර්කට් කලේ,සුද්දේ දුන්නේ රාජපක්ෂලා.මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන ,ඇමතිකම් දීලා කොටින් සත්ව තිබූ වටිනා කියන දේවල් රත්තරං පවා මන්කොල්ල කෑවා. රණවිරුවන්ට හරියට කළගුණ සැළකුවා ද කියන එක , දන්නෝ හොදාකාරවම දන්නවා .