(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ වර්තමාන තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක්  ලබන 11  වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වේ.

යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ විපක්ෂය විසිනි.

විවාදය ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා   පැවැත්වේ.

රටේ තත්වය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු විවාදයක් දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  ගයන්ත කරුණාතිලක මහතා  පසුගිය පාර්ලිමේන්තු  සභා වාරයේදී ඉල්ලීමක් කළේය.

රටේ තත්වය ගැන මීට පෙරද  සාකච්ඡා කළ හෙයින්  එම විවාදයට ජුනි මාසයේදී කාලය දිය හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා   එ්  අවස්ථාිවේදී  පැවසීය.