
(එස්.ජී.උබේපාල)
මැලේසියාවේ දී පසුගියදා පැවැති (ABACUS L1B ) අබක ගණිත තරඟාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මැදවච්චිය අල්-මදීනා මුස්ලිම් මහා විදුහලේ 7ශ්‍රේණියේ සුම්රි ෆාතිමා සුදා සිසුවියට හැකි විය.
රටවල් 13ක් සමග පැවැති එම තරඟයට තරඟකරුවෝ 3500ක් සහභාගි වූහ.
ඔවුන් පරාජය කරමින් සිය මාතෘ භූමියට ගෙන ආ මෙම අධ්‍යාපනික ජයග්‍රහණය වෙනුවෙන් එම සිසුවිය පිළිගැනීමේ සහ උපහාර දැක්වීමට එම පාසලේ විදුහල්පති එස්.කේ උවයිස් මහතා ප්රමුඛ කාර්ය මණ්ඩලය සහ ආදි ශීෂ්‍ය සංගමය කටයුතු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd