
(ඩයනා උදයංගනී)
රටවල් තුනක මෙරට තානාපතිවරියෝ මුදල් අමාත්‍යාංශයට පෙරේදා අමාත්‍යාංශයට ඊායේ (19) මුදල් පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ.
නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරියන් මෙසේ පැමිණ මුදල් අමාත්‍යවරයා හමුවූ අතර රටවල් අතර අන්‍යෝන්‍ය සුහදතාව තහවුරු කර ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහි දී වැඩි අවධානයක් යොමු විය.
නෝවේජියානු තානාපතිනී හයිල්ඩ් බ්‍රෙග් හැන්සන් මහත්මිය මෙහිදී පැවසුවේ මෙරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය පළ කරන බවත්, ඒ සම්බන්ධයෙන් මෙරට විශ්ව විද්‍යාල හා එක්ව සාර්ථකව පර්යේෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය.
තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකර්චිඔග්ලු මහත්මිය පැවසුවේ වසංගත තත්වයේ අඩුවීමක් වූ වහාම එරට ව්‍යාපාරික කවුන්සිල නියෝජිතයන් ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් එහි දී පවතින ආයෝජන අවස්ථාවන් නිවැරැදිව හඳුනා ගැනීමට පසුබිම නිර්මාණය වන බවත් ය.
ශ්‍රී ලංකාවේ තේ සඳහා එරට ඇති ඉහළ ඉල්ලුම තව දුරටත් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව ද ඇය පැවසුවාය.
ඉතාලි තානාපතිනි රීටා ගියුලිනා මනෙල්ලා මහත්මිය පැවසුවේ කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් විශාල වශයෙන් ඉතාලිය වෙත අපනයනය කර ඇති බව හා ඒ සඳහා එරටතුළ තව දුරටත් අවස්ථාව පුළුල් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.
එරට වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව කී තානාපතිනිය එම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා ය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේ සියලු රටවල් සමඟ සුහදත්වයන් කටයුතු කරමින් නොබැඳි ප්‍රතිපත්තියක ගමන් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත් පවතින වසංගත තත්වය හමුවේ එම රටවල් ශ්‍රී ලංකාවට දක්වන සහය අගය කරන බවත්ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ඇවිල්ලා කතාකරාට කමක් නෑ. හැබැයි ණය ඉල්ලුවාට දෙන්න නම් එපා. අායිත් ජීවිතේටවත් හම්බ වෙන්නේ නෑ...
එක්කෙනාගෙන් 10% ගානේ ගත්තානම් දැනටම 30%ක් බැංකුවේ...
මේ වගේ කෙනෙක් මුදල් ඇමැති කලානේ. මටනම් මේක තවම නරක හීනයක් වගේ.
ණය දෙන 3 න් දෙනාම බලවත් උදවිය නේ
නගාල අපිව බලන්න ආපු එක කොච්චර හොඳ... මම මේ අහන්නමයි හිටියේ... බැරිවෙයිද නගාලාගෙන් අතමාරුවක් ගන්න පස්සේ දෙන්නම්.... මේ අපේ දියවන්නාවේ ඉන්නවා බඩ ගැන විතරක්ම හිතන කාලකණ්ණි රැළක් (මාත් ඇතුළුව) ..ඔය ඔක්කෝටම කන්න දෙන්න විදියක් නැහැ... නගාලාට ලොකු පිනක් එහෙම උදව්වක් කරන්න පුලුවන් නම්.. මල පෙරේතයින් මග බලාගෙන ඉන්නේ මම කෑම ගේනකම්..
ඉතාලියට ගුවන් ගමන් දාලා මොනවා හම්බ කරන්නද? යුක්රේනය, රුසියාව, කෙන්යාව, ස්වාසිලන්තය.. මේවානේ සංචාරකයෝ එන නියම රටවල්...