
ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයනකට අනුවය.
මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ ක්‍රියා පටිපාටි නැවත සමාලෝචනය කරන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහණක් නිවෙන්න ලංවෙනකොට දැල්ල උස්වෙලා යන ස්වභාවයක් පවතිනවා. ට්‍රම්ප් ඔයා ඕනෑවට වඩා ඉදිමිලා යනවා. හරියට මාලිමා ආණ්ඩුව වගේ. කණගාටුයි, දුකයි.
මේක වැරදියට ලියලා තියෙන්නේ. ඇමරිකාව නතර කලේ සංක්‍රමණික (immigrant) වීසා විතරයි. සංක්‍රමණික නොවන (non-immigrant) වීසා, සංචාරක (tourist) වීසා සහ ව්‍යාපාර (business) වීසා නතර කරලා නැහැ. සිරස්තල විතරක් බලලා ප්රවෘත්ති ලියන්න එපා. ඒවගේ අන්තර්ගතයත් බලන්න.