(තිළිණි ද සිල්වා)
රටවල් 10 කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපලේදීම ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.
ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවට සංචාරකයින් පැමිණීම ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණෙන් එංගලන්තය, චීනය, ඉන්දියාව, රුසියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලීපීනය, යන රටවල් වෙත මෙම ගාස්තු රහිත වීසා බලපත් ලබා දීම සිදු කෙරෙන බව සංචාරක අමාත්‍යවරයා කියා සිටියි.
රටවල් වලින් පැමිණෙණ සංචාරකයින්ට මෙරටට ගුවන් තොටුපළේදීම ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කෙරෙන අතර මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මාස 6ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවටද පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවූ බව හෙතෙම පැවසීය.
මේ අතර අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ප්‍රහාරය නිසා තාවකාලිකව අත්හිටවු තායිලන්තය සිංගප්පූරුව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කාම්බෝජය සහ ජපානය යන තවත් රටවල් 36 කින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගාස්තු රහිතව ගුවන්තොටුපළේදී වීසා නිකුත් කිරීමද යළි ආරම්භ වන බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.
එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මතු වූ ආරක්ෂක තත්ත්වයන් යළි යථා තත්ත්වයට පත්ව ඇති හෙයින් එම රටවල් සඳහාද ක්‍රියාත්මක වේ.
සාමාන්‍යයෙන් මැයි මාසයේ සිට මෙරට සංචාරකයින් පැමිණීමේ අඩුවීමක් පවතින බැවින් ඊට පිළියම් ලෙස සංචාරකයින් පැමිණීම වර්ධනය කර ගැනීම මෙම පියවර ගත් බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් ඇතිවෙන පලවිපාක මේ මෝඩ මිනිස්සු දන්නේ නැහැ. රට ඇතුලට මොන තරම් විෂබීජ ඇතුළු වෙනවද කියලා. රටක ආරක්ෂාව තර කරන එකම ස්ථානය ගුවන්තොටුපොළ.
මේ කතාව ඔය ඇමති මාර්තු මාසේ බර්ලින් නගරය ජර්මනියේ තිබෙන ලෝක සංචාරක ප්‍රදර්ශනයට ආ දින අප්‍රියෙල් මස 1දා සිට ක්‍රියාත්මක වෙන බව මාස 6කට මේ විදිහටම කියා ගියා මිසක් කිසිවක් සිදුවූයේ නැත. අවසානයේ ලංකාවට වීසා නැතිව පැමිණ මා හට වැඩිපුර මුදලක් ගෙවා වීසා ලබා ගැනීමට සිදුවිය.
විදේශිකයන් ආවේ නැත්නම් විශාල පාඩුවක්, විශේෂයෙන් ගොවියාට
එංගලන්තය, චීනය, ඉන්දියාව, රුසියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලීපීනය, යන රටවල් සහ අනික් රටවල් 36 අතර වෙනස මොකද්ද?
විසා ලබාගැනීම පමණක් විවෘත කර සීටීමෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට නොහැක. මේ ක්‍රමයෙන් රටට පාඩුයි
ඉන්දියාවයි චීනෙයි... සිම්පල් තීරණේ... එච්චරයි අඩුවට තිබුනේ. දැන් මේ කියන රටවල් වලින් ලංකාවේ මිනිස්සුන්ටත් මෙහෙම පහසුකම් දෙනවද ?
නොමිලෙ ආහාර පහසුකම් ලබා දෙන විදියකුත් බලන්න... සංචරකයො තව එවි...
පිලිපීනය වැනි රටකින් කොපමණ සංචාරයකින් පැමිනේනවද ?
ලොකුම පාඩුවක් සහ විනාශයක් සිදුවීමට ඇත.
ඔය කට්ටිය කියාපු සියල්ල සත්‍යයයි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් එන අය ආයෙම යනවා කියන්නේ හිතාගන්න බැරි එකක්... මම 100% ක්ම දන්නවා ඔය කාලකන්නි රටේ ඉන්න අයට අපේ රට දිව්‍යලෝකයක් වගේ... ඔවුන් මෙහෙ බින්න බැහැලා බැඳලා අායෙම දෙකක් කරලා නවතින්නේ... පෙනුමට පොලිසියටවත් ඔවුන්ව හොයාගන්නත් බැහැනේ... පිලිපීන අය 99.9%ක්ම ගණිකාවන්. අනික් රටවල නෙමේ කවුරු ආවත් හරියටම මොනිටර් කරන්න ඕනෑ... ඔවුන්ගේ වීසා ඉකුත්වන දිනයන්. ගොන් ආණ්ඩුවට මොලේ තියේනම් මෙහෙම වෙන්නේ නැහැ.