
( ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම සහ කරදමුංගු තොගයක් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කොළඹ සහ හැටන් ප්‍රදේශ වල පදිංච් , විදේශ සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකි .
ඔවුන් රැගෙන ආ ගමන් මලු 20 ක් තුළ විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිළදී ගත් රටබීම බෝතල් 378 ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 132 ක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd