(රංජන් කස්තුරි)
කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින් හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවද පබා පළිහවඩන මහත්මිය කීවාය.
යම් අයුරකින් සැක සහිත රෝගීන් හමුවුණ හොත් ඔවුන් වෙන වෙනම නිරෝධානය කිරීමට පියවර ගන්නා බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව එම ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ට රෝගයෙන් වැළකීසිටීම සඳහා වන මනා සෞඛ්‍ය පුරුදු පිළිබඳව අවබෝධයක් ලබාදෙන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ නම් ඩෙංගු මදුරු කීටයන් හොයනවටත් වඩා අමාරු වෙයි.
2025 වෙනකොට ශ්‍රී ලංකාව චීනයේ කොළනියක් වීම වළක්වන්න බෑ.
ඉසුරු, රාජපක්ෂලා දැනටමත් ලංකාවෙන් විශාල භූමියක් විකුණා අවසන්...................
ඔක්කොටම ඉස්සෙල්ලා ඔය ඉන්න චීන්නුන්ට වලංගු " විසා "තියෙනවාද බලන්න. විසා අවලංගු චීන්නු ඔක්කොම අපහු චීනෙට පටවන්න. දැනටමත් විසා නැති චීන්නු මේ රටේ මෝඩ ගෑණුන්ව කසාද බැඳගෙන ඉන්නවා.
මනා සෞඛ්‍ය පුරුදු වලට ගැරඬි, කම්බි පනුවෝ, ගෙම්බෝ, තලගොයි, කලවැද්දෝ, මියෝ, ඉත්තෑවෝ, වවුල්ලු වගේ සත්තු කන්න එපා කියලා අවවාද කලොත් ඉතාම හොඳයි.
බලධාරීන් වහාම කලයුත්තේ චීනයේ සිට පැමිණෙන සියලුම ගුවන් යානා කොලබට ඇතුල්වීම තාවකාලිකව නවතා දැමීමයි. ඊට හේතුව ලෙස මා දක්වන්නේ චීනයේ අවට තිබෙන සියලුම රටවල් තම පිවිසුම් දොරොටු ඔවුන් ආවරණය කිරීමේ හේතුව නිසයි. මෙහි සේවය කරන චීන ජාතිකයන්ට පිටවීම තාවකාලිකව අත්හිටවිය යුතුයි .
අනිවාර්යයෙන් පරික්ෂ කල යුතුයි. විශේෂයෙන් දෙසම්බරේ සිට ලංකාවට පැමිණි අයව පරික්ෂා කල යුතුයි. ඕනේ නම් විසා නැතුව ඉන්න කට්ටිය එහෙමත් අහු වේවි ඉතින් ,....
පහුවෙලා උනත් ඉතා හොඳ වැඩක් , ඒ වගේම චීනයේ ඉඳලා මෑතකදී ලංකවට ඇවිල්ල ඉන්න ලංකවේ අයටත් වහාම ගිහින් සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න කියලා දැනුම් දෙන්න
මෙච්චර කතා ඕනේ නැහැ. ඉන්න ඔක්කොම චීන කම්කරුවෝ යවන්න පුළුවන්නේ. ඉස්සර මහවැලිය හදන කලේ ස්වීඩන් බ්‍රිතාන්‍ය කම්කරුවෝ මෙහෙ හිටියේ නැහැනේ. දැන් අපේ සේවකයින් වෙනුවට ණය දෙන රටවල උන්ට රැකියා දීල ණය පොලියත් එක්ක ගෙවන ක්‍රමය සකස් කලා.
ඉන්න මිනිස්සු පරික්ෂා කිරීමට පෙර කලයුත්තේ අලුතෙන් ඇතුළුවන්නන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීම ඊට පස්සේ පුළුවන් ඇතුලේ ඉන්න මිනිස්සු පරික්ෂ කරන්න. අපි හැමදාම කරන්නේ ඔක්කොම අනාගන්න එක.