
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත් නිකුත් කරනු ලැබ ඇත
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥා පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවය.
කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මේක කැඳවන්නේ ඇයි...? දන්නේ මේක විතරද? කමක් නෑ ආසාව නේ.
අපේ ඉදිරී ගමන්මගේ පෙර ලකුනුද මේ ?
මෙහි තේරුම කුමක්ද.? එන පොට හොඳ නැහැ වගේ.
හමුදා පාලන ඒකාධිපති තණ්හාව ක් පහළ වෙලා ද?
දැන් සියලු ප්‍රස්න අහවරවෙයි.පිලිතුර ලැබුනා.
ගොවියෝ ටික බෙල්ලෙන් අල්ලලා වගාකරවන්න වෙන්න ඇති. මේ වැඩ වලින් අපේ රට අන්තර්ජාතිකව අපකීර්තියට ලක් වෙනවා. ඒ ටිකවත් තේරෙන්නේ නැද්ද?
කවුරුවත් ඕව ගණන් ගන්නේ නැහැ දැන්. රිවස් කරන එකම නේද වැඩේ.
දන්නදේ කරනවා මිස නොදන්නා දේවල් කරල අමාරුවෙ වැටෙන්නෙ මොකටද
කාව ආරක්ශා කරන්නද? අපිව නම් නෙවේ. පවුල රකින්න විතරමයි. රටේ ප්‍රශ්න නිසා මජනයා කුපිත් උනොත් මේ අයට වෙන දේ දන්න නිසයි මේ.
අපි පොඩිකාලේ රූපවාහිනී කාටුන් එකක් තිබුනා. එකේ තේමා ගීතය මතක් උනා.
නියමයි ස' අර ඒ දවස්වල චිත්‍ර ඇඳපු මෝඩයෝ සෙට් එකයි පුරන් කුඹුරු වගා කරපු සෙට් එකයි බෙල්ලෙන් අල්ලාගෙන ඇවිල්ලා ආපහු ඇද ඇද වගාකරන්න කියන්න.
අනේ මන්දා.... මේ ප්‍රකාශවල බරපතලකම නානා අක්කාවත් කියලා දෙන්නේ නැද්ද?
ඇලිස් දුටු විස්මලන්‍තය කතාවේ ඉන්න පිස්සු පූසාගේ චරිතය මට මතක් වෙනවා.
මිටියක් අතේ තියෙන මිනිහට හැම ප්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇනයක් විදිහට.
පි.. මූ පි.. මූ පි.. පූසා මූ ?
දැන් ආණ්ඩුවට ඉන්න ලොකුම සතුරා වන මහජනතාව මෙල්ල කිරීමට සන්නද්ධ හමුදා කැඳවන ලදී
එයාට දැන් ජනතාව පෙන්නේ ත්‍රස්තවාදියෝ හැටියට .ජනතාවට දැන් තේරුම් ගිහිල්ලා රටේ ත්‍රස්තවාදියෙක් ඉන්නවා කියලා
හලෝ.... හමුදාව අයිති අපිට... මේ මහජනතාවට ඒක දන්නේ නැත්නම් තේරුම් ගන්න. ඔහෙලාට හිටියා ඇති කියලා හිතෙනවා නම් ආපහු යන්න ඇමරිකාවට අපට පව් නොදී...
මහජනතාවට නම්, මේ හමුදාව දාලා කරන්න ආරක්ෂාවක් ඉතුරුවී නැහැ. මහජනතාවගෙන් දේශපාලනඥයින් නම් ආරක්ෂාවීම වැදගත්. අන්න කළුතර පැත්තේ එක්කෙනෙක්ව ගස් බැඳලා දාලා තිබුණා. මේ නිසා තෙල් ටික, පෝර ටික ගන්න සල්ලි නැති වෙලාවේ, හමුදා අංශ වෙත පඩියට අමතරව බටා ආදිය දෙන්න වේවි නේද?
ඒ පාර මොන ජල්ලියක් නටන්න හදනවද මන්දා අප්පා අනේ මන්දන්නේ නෑ.. රටේ මොනවා වෙනවාද කියලා...
පාර පුරාම හැමතැනම හමුදාව යෙදෙව්වාම සංචාරකයින් භීතියට පත්වෙනවා. මේ වැඩෙන් සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැඟිය නොහැකියි...
අනේ මන්දා, වැටුණු රට ගොඩ ගැනීමට එකම විකල්පය විදෙස් ආයෝජකයින් හා සංචාරකයින් ගෙන්වීම බව මුදල් ඇමති කියන කොට... රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්... එතකොට මොන විදිහේ විදෙස් ආයෝජකයින්ද මේ රටට එන්නේ... විදේශ සංචාරකයන් එයිද?
හිට්ලර් කෙනෙක් ඕනෑ කිව්වා නේද?
හොඳ වැඩේ. පාසල් ආරම්භයත් එක්කම ඔය හදන්නෙ ඒවා නතර වෙන තැනට වැඩ කරන්න.
චන්දේ දුන්නේ ඕනේ දෙයක් කරගන්න .ඒ නිසා මොකක් කලත් දැන් කරන්න දෙයක් නෑ .තව සතවර්ශයක් යනකම්
ඔයිට වඩා හමුදා හයිකාරකම් පෙන්වපු ගඩාපිලා අවසානේ, බෝක්කු අස්සේ සැගවුනා කියලා වියරුවෙන් දඟලන අය මතක් කර ගත්තොත් කෝකටත් හොඳයි.
දවසින් දවස වැඩිවන ගෑස් පෝළිම, පෙට්‍රල් පෝලිම, හෙට අනිද්ද එන එළවලු පෝලිම් වල ජනතාවට බැටේ දෙන්න නේ.
හීනෙන් බයවෙලාද...? ආතතියද....?
පොදු සමාව ලබා දෙන්නේ කවදාද ?
ඔය හමුදාව දම්මලා කුඹුරු ටික වගා කරගන්න බැරිද ?
මෙය නම් රටකට එතරම් යහපත් දෙයක් නෙමේ...මොකද හමුදාවක් හැ මවිටකම කැදවිම යනු බොහෝ විට සිවිල් පරිපාලනයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත රටක ඇවැසි ලක්ෂණයක් නොවන නිසා....බොහෝ විට රටක් හමුදාව කැදවන්නෙ විදේශීය ආක්‍රමණයකදි...එහෙමත් නැති නම් ජාතික ව්‍යාවසනයකදි...ඇත්තටම මෙම සිදුවිම් වලින් වන්නෙ හමුදාව ගැන ඇති ගෞරවය සහ විශේෂිත භාවය ජනතාව අතරින් ගිලිහී යාම...රටක පාලකයින් සතු යුතුකම වන්නෙ සන්නද්ධ හමුදාවන්ට ඔවුන්ගේ කාර්යය පටිපාටියට අනුව තම වැඩ කටයුතු කරගෙනයාමට ඉඩහැරීම...පුහුණුව සහ අවශ්‍ය උපකරණ නිසි වේලාවට ලබා දිම...එසේම දේශපලෙනික උවමනාවන් සදහා හමුදාව භාවිතාකිරීමෙන් සිදුවන්නෙ ඔවුන් අතරම මතභේද ගොඩනැගිම...රටක ආරක්ෂාවවෙනුවෙන් හමුදාවකට ඇත්තෙ වෙනම වගකිමක්...රටක අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් රජයක් සිදුකල යුත්තෙ පොලිසිය බුද්ධි අංශ සහ නීතිය නිසිලෙස බල ගැන්වීම...ශක්තිමත් බුද්ධි අංශයක් ඇත්නම් හැම තැනකටම පොලිස් භටයින් පවා යෙදවීමට ඇවැසි වන්නෙ නෑ...
මෙලෝ දනුමක් නැති කෙනෙක්නෙ මෙයා.... මේ හමුදාව ගෙන්නන ප්‍රකාශය නිසා සන්චාරකයෝ කීදෙනෙක් ටිකට් අවලන්ගු කරගන්න ඇත්ද..? කීදෙනෙක් ලංකාවට නොයන්න තීරනය කරන්න ඇත්ද..? කිසිම කල්පනාවකින් තොරව ඔහේ ප්‍රකාශ නිකුත් කරලා රිවස් කරනවා.... හැබැයි එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. මෙයා ගැන හොදටම කිව්වේ සරත් ෆොන්සේකා.
මෙයාගේ වැඩ දැක්කාම මෙයාට ගැලපෙන එකම රස්සාව තමයි අර ඇමරිකාවේ කලේ. ඒකත් දාලා මෙහෙ ඇවිල්ලා හොඳටම කලේ මල්පාත්ති සහ තණකොළ වැවීම සහ පාර දෙපැත්තේ ටයිල් අල්ලපු එකයි. ඒ නිසා ආපහු ගිහින් පරන ජොබ් එකටම සෙට්වෙන්න...
ලංකාව මියන්මාරයක් වෙනවා 2025ට ඉස්සර..!
අපි හිතුවේ ලොකුම ජෝකර් සිරිසේන කියලා... බැලින්නම් එයා පරාදයි.
හමුදාව කැඳවූවාට, ජනතාවට කැඳවත් නැහැ. පොහොට්ටුව පිපී, මල පැන ඇත...
පාර දිගේ සෙල්ලම් කරලා ඉවරයි වගේ...
දූෂිත, බලලෝබි පවුලේ ආණ්ඩුවට මුලුමහත් ජනතාව විරුද්ධව නැගිටලා... ආණ්ඩුව.. සෑහෙන්න බයවෙලා වගේ... රජකම් කෙරුවත් කළකම් පලදෙන දවසක් එයි...
ඔය තුවක්කු අනිත් පැත්තට හැරවෙන්න වැඩි කාලයක් යන එකක්. ඒක තමයි මාකෝස්ලාට වුනේ...
පුපුරන ද්‍රව්‍යත් අහු වුණා. දැන් ආරක්ෂාව තරකරන්න ඕනේ. ඡන්දයක් ළඟ එන ලකුණු පෙනේ. විකාර කරන්න පටන් ගත් වගයි.
බටහිර කුමන්ත්‍රණ කියලා වීරවංශ ඉස්සර ඉඳලා කියන්න ඇත්තේ අනාගතය ගැන දිවැසින් දැකලා වෙන්නැති. හමුදා සීරුවෙන්, කලින් කරන්න තිබුණු දෙයක්, දැන්නම් ආණ්ඩුව බයවෙලා වගේ...
ඔබට ඇත්තේ සිවිල් මානසිකත්වයක් නොව හමුදා මානසිකත්වයකි!
පුද්ගලීකරණයට, වැටුප් වැඩි කර ගැනීමට, ජීවන තත්වයන් ඉහළ නංවගන්න, ජීවත්වෙන්න සටන් කරන කම්කරුවන්, ගොවියන්, පීඩිතයින් මැඩීමත් තම පංතිය ආරක්ෂා කර ගැනීමත් තමයි එල්ලය. දැන් සටන් කරන සැවොම කම්කරු පන්තියේ නායකත්වයෙන් අරගලයට බැසිය යුතුයි. මොක ද ධනවාදය වෙනස් කරන්න පුළුවන් පන්තිය..., කම්කරු පන්තිය නිසා...
දැං ඉතිරි වෙලා තියෙන්නේ මූදෙ ඉන්න මාලු ටික විතරයි. (තව පොඩ්ඩෙන් ඒකටත් කෙලවෙනවා). හමුදාව දාලා ඒ මාලු ටික අල්ලලා පිටරට යවලාවත් රටට ඩොලර් ටිකක් ගේන්න හිතලා වෙන්නැති මගෙ හිතේ..!
මිනිස්සුන්ගෙ ආරක්ෂාවට නෙමෙයි ...තමන්ගෙ පවුලෙ ආරක්ෂාවට තමයි ඕක කරන්නෙ...මොකද දැන් දැන් මිනිස්සුන්ගෙ විරෝධය වැඩි වෙන බව දන්න හින්ද...ගුටි කෑමක් අතලඟ කියල දැනෙන කොට වෙන මොනව කරන්නද?