
(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල දකුණු තලංගම කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පලා ගිය සැකකරුවෙකු නැවත ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඉකුත් 25 වන දින යතුරු පැදියකින් ගොස් පොලී මුදල් ලබා දෙන්නෙකු වන ජානක පුෂ්පකුමාර නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පලා යන බව ලැබුණු තොරතුරක් මත ගුවන් යානය පිටව යන අවස්ථාවේදීම සැකකරුට විදෙස් ගමන් තහනමක් ලබා ගෙන සිංගප්පූරුවට ගොඩ බැස සිටියදී යළි ආපසු හරවා එවා ලංකාවට පැමිණි පසු ගුවන් තොටුපලදී අත් අඩංගුවට ගැනීමට කටයුතු කල බවද අතුරැගිරිය පොලිසිය පවසයි..
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අතුරැගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටින් පැන්න වෙඩික්කරු යළි ගෙන්වා ගනී