(ඩයනා උදයංගනී)
එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ එළිමහනේ ගොඩ ගසා තිබූ කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර එහි තැන්පත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.
මෙම කුණු තොග පරිසරයට විවෘතව තැබීමෙන් සිදුවිය හැකි පරිසර හානි සළකා මෙසේ කන්ටේනර් පෙට්ටිවලට ඇතුළත් කර තැබීමට පියවර ගත් බවද සභාපතිවරයා සඳහන් කළේය.
පරිසර සංවිධානයක් විසින් මෙම කසළ තොගය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු කසළ මෙරටින් බැහැර කිරීමේ හැකියාවක් නැතැයි ද දේවප‍්‍රිය මහතා කීවේය.
අධිකරණය මගින් ලබාදෙන තීන්දුවෙන් පසු එය නැවත ප‍්‍රතිඅපනයනය කිරීමේ බලය ආයෝජන මණ්ඩලයට හිමිවන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර සංවිධානයට සහ එහි සේවකයන්ට මේ කළ දෙයට බොහොම පින්.
ඇත්තෙන්ම ඔය දහජරාව මෙරටට ගෙන්න සම්බන්ද වෙච්ච හැම පරබල්ලෙක්වම අල්ලලා ඔය පෙට්ටි ඇතුලට දාල ප්‍රති අපනයන කරන්න පුළුවන් නම් කොච්චර ලස්සනද ?? කරුණාකර ඔය ජඩවැඩේට සම්බන්ද වුණු සියලුම බල්ලන්ගේ නම්ගම් මහජනතාවට දැනිගනිමට සැලැස්වීම රටට සේවයක් නොවන්නේද ?
කසළ ටික ඔතනම පස් වෙයි ද දන්නේ නෑ. වෙන රටකනම් දැනටමත් නැවත යවලා
1948 දී එක්සත් රාජධානියෙන් අප වෙන්වන විට අපි විදේශ විනිමය අතිරික්තයක් අතැතිව සිටියෙමු. දැන් අපි නහුතෙටම ණය වී සිටිමු. අපි එක්සත් රාජධානියෙන් පමණක් නොව ලෝකයේ හැම රටකින්ම හොඳ දේ නොව කුණු කසලම දිගින් දිගටම බාර ගත්තෙමු. එදා සිටම එහෙමයි.
දැන් ඕවා අතුරුදන් වෙනවා.
ලෝකයේ වෙන රටක මෙවැනි දෙයක් සිදු වූවානම් දින කිහිපයකින් ඉතාම කෙටි කාලයකින් සියල්ල එම රටටම යව අවසන් නඩු ගැන පසුව බලන් තෙක් මේවා තබා ගන්නේ නැහැ නමුත් ඒවා ලංකාවේ මාස අවුරුදු ගන්න තබාගෙන බල බලා ඉන්නවා ඉන්පසු ටික දිනකින් නඩු තිය මොනවත් තිබුනත් සියල්ල මෙහෙමෙ විනාස වෙනවා
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ලෙඩක් තියනවා. රටට ආදරය කරන්න උගන්නන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ල. එතකොට මිනිස්සු ඡන්දෙත් හරියට පාවිච්චි කරයි. එතකම් මේ රටට දෙවි පිහිටම තමා..
ඔය නඩුවේ චූදිතයත් මේ නඩුව අහන්න අධිකරණයට බලයක් නැහැයි කිව්වොත් මොකද වෙන්නේ?
මේක ගෙන්නලා තියන්නේ ලංකාවේ අංක එකේ සල්ලි කාරයාගේ කොම්පැනියකින්ලු. ඒ උතුමා ජනාධිපතිකමටත් ඉල්ලනවලු. අරුවක්කලු වගේ කසල රඳවන 100 වත් ඕන වෙයි මෙයා ජනාධිපති උනොත්.