IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රටට අවශ්‍ය ඖෂධ ඉක්මනින් හදන්න පියවර

 

(අංජුල මහික වීරරත්න)

 මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය  කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දුන්නේය.

ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ  අභියෝගයක් වී ඇති බැවින් මෙම කඩිනම් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ  (SPMC) කටයුතු පිළිබඳව   කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක් වෙමිනි.

ඖෂධ සැපයුම්කරුවන් අඩුකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබා නොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාල වීම යන කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා  සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් ද  පවතින බව ප්‍රකාශ කළේය.

ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍යවන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව සවිස්තර කරුණු සොයා බැලීමක් සිදුකළ අමාත්‍යවරයා හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා අවශ්‍ය සැලසුම් සකස් වියයුතු ආකාරය පිළිබඳව මෙහි දී නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.  



අදහස් (3)

රටට අවශ්‍ය ඖෂධ ඉක්මනින් හදන්න පියවර

Lalla Saturday, 18 January 2025 02:43 PM

ඇමැතිතුමා ඇයි මෙරට පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයින්ගෙන් උදව් ගන්න බැරිද? විශාල සංඛ්‍යාවක් පෞද්ගලික නිෂ්පාදන ආයතන තියනවා නේද?

:       2       6

sb Saturday, 18 January 2025 04:01 PM

ඖෂධ සැපයුම හරි ආකාරව නොවෙන්න තියෙන ඇත්තම ප්‍රශ්නේ ඕක නෙවෙයි... එම් එස් ඩී එකේ ඉන්නේ හරිම අලස පිරිසක්. සැලකිය යුතු පිරිසක් මුදලට ඉතා ගිජු නිසා ඕවා වෙන්නේ - ඒකයි ඇත්ත සිස්ටම් එක ඩිවලොප් කරන්න සම්පූර්ණයෙන්ම කම්පියුටරයිස් කරන්න මුළු ප්‍රොසෙස් එකම අනවශ්‍ය ස්ටෙප්ස් අඩු කරන්න මිලදී ගැනීමේ ක්‍රියාවලියේ තියෙන - 2/3ක් තියෙන නිසා ඔය අඩු පාඩු නීති ගෙනැල්ලා හදන්න හොරු ටිකට දඩුවම් දුන්නේ නැත්නම් එම් එස් ඩී එකෙන් මේ වැඩේ බේරාගන්න බෑ...

:       0       7

M A P Hemachandra Sunday, 19 January 2025 06:35 AM

මම SPMC සභාපතිව සිටි කාලයේ ගෙන ගිය වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කරා නම් අද ඖෂධ අවශ්‍යතාවයෙන් 25% දේශීයව නිෂ්පාදනය කරන්නට තිබුණා. සෑම රජයකම හිටපු සෞඛ්‍ය ඇමැතිවරුයි, ඒ කාලවල හිටපු සභාපතිවරියි සල්ලි පස්සේ දිව්වා මිසක් නිෂ්පාදනය වැඩිකිරීමට කිසිවක් කළේ නැහැ. ඔවුන්ගේ දක්ෂතාවය තමා ගිය අවුරුද්දේ QUALITY FAIL වෙලා රෝහල් වලින් SPMC වල හදපු බෙහෙත් ඉවත් කිරීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 285 0

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 51 0

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 129 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 7 0

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 51 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 353 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site