
(අංජුල මහික වීරරත්න)
ඉතා අසීරු අවස්ථාවක රට බාර ගනිමින් නිවැරදි මාවතට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ.
ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට ජනාධිපතිවරයාට ආශිර්වාද කරන බව ද මහා නාහිමියෝ කීහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් මහ නාහිමියෝ මේ බව පැවසුහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පෞද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බවයි. රටක් ඉදිරියට ගෙනයාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රශ්නවලින් භාගයක්වත් විසඳිලා නැති මොහොතේ සහතියකයකුත් දීල ඉවරයි. මෙහම තමයි හැම දුර්වල සහ අසාර්ථක දේශපාලුවන්ටත් සහතික දීල සහ ආශීර්වාදය කරල කරල රට විනාශයට ගමන් කළේ.
අනේ මන්දා,මේ හාමුදුරුවරුත් හරියට මැරිලා ඉපදිලා වගේ.
හාමුදුරුවරුන්ට ගෝඨා ඉන්න කාලේ එයා හොඳයි. දැන් රනිලුත් හොඳලු .
මෙි හාමුදුරැවො කවුරු හරි ගියාම ලෝකෙ නැති දේවල් කියනව මොකද මෙයාලට කිසිම අඩුවක් නැහැනෙ මෙි වෙලාවෙ එළියට ඇවිත් ටිකක් ඇවිදලා බලන්න මිනිස්සු විඳින දුක. ඉස්සර කාලෙ නමි හිටිය රටට ජාතියට ආදරේ කරපු මහානායක හිමිවරු ඒත් දැන් ඉන්නෙ දානෙ කාල පාඩුවෙ ඉන්න නිකන්ම නිකන් හාමුදුරුවරු විතරයි.
හලෝ නොදන්නා මගුල් කතානොකර ඉන්නවා. වාහනයේ සුක්කානම අතට අරන් වාහනය පාරට ගන්න විදිහෙන් කියන්න පුළුවන් මේ හාදයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? වාහනය කොන්ට්‍රෝල්ද කියලා. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ඩ්‍රයිව් කරන්න බැරි වෙන්න පුළුවන්... නැතුව ගමන ඉවර වෙනකන්ම ඉන්න ඕනේ නැහැ ඩ්‍රයිවින් ගැන කියන්න. ඒත් සජියා වැඩේ කෙනෙක් ඩ්‍රයිව් කරන්න ගත්තා නම් කෝකටත් හොඳයි වාහනෙන් බහින එක... බැහැලා බලන් ඉන්න වෙනවා ඩ්‍රයිවින් කොහොමද කියලා...