(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට ආර්ථිකය හදන්න බැරි ප්‍රධානතම කාරණය විදේශ ආයෝජන වලට එරෙහි වීම බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශ ආයෝජනයක් ආවොත් මෙන්න විකුණුවා කියන බවත් පෞද්ගලික අංශය ගෝනි බිල්ලෙක් විදියට ඇතැමුන් සිටිමින් සිටින බවත් සේනාරත්න මහතා කීය.
නමුත් ආර්ථිකයේ ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශය යැයි රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
හිඟුරක්ගොඩ ගුවන්තොටුපළවල් හදන්ට කලින් මිනිසුන්ට වේල් තුන කන්න දෙන්නැයි කී සේනාරත්න මහතා කරන යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් අයවැය යෝජනා ගෙනාවාට වැඩක් නැතැයි කීය.
ජපානය සහ ජර්මනිය අර්බුදය පාවිච්චි කරමින් ගොඩනැඟුණ අතර ඉන්දියාව මෙන්ම තායිලන්තය ද ආර්ථික ආර්ථිකය පුනර්ජීවනය කර ගත්තේ බයනැතිව ප්‍රතිසංස්කරණ කිරීම නිසා යැයි සේනාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබත් කාලයක් කරේ අත දාගෙන බොහොම ලගින් ඇසුරු කළ ජවිපෙ සහෝදරලාට ඔය ටික තේරුම් කරලා දෙන්න. දියව් දියව් හෝ පලයව් පලයව් කියලා බෝඩ් අල්ල ගෙන ධනපති බංගවේවා කියල කෑ ගැහුවට රටවල් දියුනු කරන්න නොහැකි බව පරණ මිත්‍ර සමාගමට මතක් කරලා දෙන්න.
ලොක්කෝ විදෙස් ආයෝජන ව්‍යාපාර, කර්මාන්ත මෙරටට නැතිඋනේ 1989 කාලකන්නි, පාහර, වලත්ත ජෙප්පෝ ඒ විදෙස් ආයෝජකයි මරා, මෙරටින් පන්නා දැමීම නිසයි. දැන් විදෙස් ආයෝජකයෝ එන්නේ නැත්තේ කාලකන්නි, පාහර, වලත්ත ඇමතියෝ ආයෝජන වල කොටස් හෝ කොමිස් ඉල්ලීම නිසයි. මේ ගැන අපිට වඩා ලොක්කා ගේ හෘදශාක්ෂි දන්නවා ඇති. රට කාපු ජෙප්පෝ හා ඔබලා අතර එතරම් වෙනසක් නැත.
ඇවුරුදු ගානක් කල කාල දැන් බයිල ගහන්න එපා.