(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට සංවර්ධන වනවා යැයි කියන 2048 වන විට ජනාධිපතිතුමාට අවුරුදු අනූ නවයක් වන අතර  තමාට අවුරුදු අනු හතක් වන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තරුණ පරපුර ආරක්ෂා කරගත යුතු බව අයවැයෙන් කියන නමුත්  කන්න බොන්න නැති රටෙි තරුණ අයිතිවාසිකම් ගැන කතාකරන  තරුණයන්ට පොලිසියේ මැරයන් ලවා පහර දෙමින් ඔවුන් නිහඩ කිරීමට උත්සාහ දරන බවද ෆොන්සේකා මහතා කීය.

රට හරි මඟට ගන්නා තුරු විදේශ ප්‍රේෂණ එවීමෙන් වලකින ලෙස විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද ෆොන්සේකා මහතා පැවසීය.

බීඩි බොන්නේ වැලේ වැල් නැති මිනිස්සු බව කී ෆොන්සේකා මහතා ආණ්ඩුව ඒ මිනිස්සුන්ගේත් සාක්කුවටත් බැස තිබෙන බවද ඊළඟට  බුලත් විටටත්,කුරුම්බා ගෙඩියටත්, බඩඉරිඟු කරලටත් බදු ගසා කෙමොඩ් වලටත්  මීටර් සවි කරන යුගයක් ඒවි යැයි සඳහන් කළේය.

අයවැය සිව් වන දින විවාදයට සහභාගී වෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කීය.