(යොහාන් භාසුර)
පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වන ‘ප්‍රසන්න මනි එක්ස්චේන්ජ්’ පුද්ගලික සමාගමේ මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම සමාගමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර පරීක්‍ෂණයෙන් පසුව බලපත්‍රය ස්ථිරව අවංලගු කළ බව මහ බැංකුව කියයි.
ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති බවත් විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම එම සමාගමට තහනම් බවත් මහ බැංකුව වැඩි දුරටත් පවසයි.
එම සමාගම ඩොලර් ගණුදෙනු කිරීමේදී කළ අක්‍රමිකතාවක් හේතුවෙන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේ ඇප පිට ඉන්න ගම්පහ බඩ තඩි ප්‍රසන්නගේ තවත් ජාවාරමක්ලු...