
(යොහාන් භාසුර)
වර්තමාන රජයට අධ්‍යාපනය ඉතා වැදගත් විෂයක් ලෙස සළකමින් විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් දෙන බවත් පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් කිරීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරිය එසේ කියා සිටියාය.
පරිවර්ථනයක් සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධානම තැන අධ්‍යාපනය බවත් ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
අධ්‍යාපනය වැනි සංවේදී මාතෘකාවක එවැනි පරිවර්තනයක් වෙද්දී අනිවාර්යයෙන්ම එකඟතාවයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු නොකළ හොත් අර්බූදයක් වීමට ඉඩ ඇති බවත් පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බවත් ඇය සඳහන් කළාය.
පළාතෙන් පළාතට වෙනස් අවශ්‍යතා තිබිය හැකිවුවද ප්‍රතිපත්ති අතර ලොකු පරස්පරයක් තිබිය නොහැකි නිසා ප්‍රතිපත්ති මට්ටමේ තීන්දු තීරණ ගද්දී ජාතික මට්ටමේ ප්‍රතිපත්තියට අනුකූලව වැඩ කිරීමට සිදුවන බවත් පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන ලෙස ජනතාවගේ ඉල්ලීමක් ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
එමගින් දරුවන්ට පීඩනයක් ඇති කරනවා යැයි පවසුණ ද එවැනි තීරණයක් ගැනීමට පෙර පහේ ශිෂ්‍යත්වය ආරම්භ කිරීමට හේතුවට අවදානය යොමුකළ යුතු බවත් පාසල් අතර පරතරය එයට හේතුවක් බවට පත්ව තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට නම් පාසල් අතර පරතරය නැති කළ යුතු බවත්ය.
මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක්
Damitha Friday, 03 January 2025 05:37 PM
යසයි ටියුෂන් පප්පලාට....
Bandara Friday, 03 January 2025 08:50 PM
මෙව්වා ඉතින් මේ කපේට වෙන වැඩ නෙවෙයි.
සෙනෙවි Saturday, 04 January 2025 10:35 AM
ශිෂ්‍යත්ව විභාගය ඕනේ මේ රටේ ඇති විෂම අධ්‍යාපන ක්‍රමය නිසයි. අද කාලේ රස්සාවකට ගියත් මුලින් අහන්නේ ඉස්කෝලේ මොකක්ද කියලා. ජනප්‍රිය පාසලකට ගියා නම් සමාජයේ අවස්ථා වැඩයි. ඒ දරුවන්ට පහසුකමුත් වැඩියි... රටේ බහුතරයක් පාසල්වලට වඩා. ඒ නිසා මෙම පද්ධතිය ක්‍රමිකව සමාන කළ යුතුයි...!
Toni Saturday, 04 January 2025 05:38 PM
එතකොට ඔච්චර රෙදි නැතිව කඩේ ගිය ටියුෂන් කාරයින් ටික... තවත් බොරු වපුරන්න එපා... දැන් ඇති...