(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාවගේ ආරක්ෂාව සඳහා රට සති දෙකකට "ලොක්ඩවුන්" කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.
එන්නත්කරණ කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දෙන යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට ස්තූතිය පුද කරන බවද හෙතෙම සඳහන් කළේය.
රජය මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවත් රටේ කොවිඩ් එන්නත්කරණය වේගවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවේය.
තුන්වැනි එන්නතටත් යා යුතු බව විපක්ෂනායකවරයා කීවේය.
කොවිඩ් මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික සේවකයන්ද කැඳවිය යුතු බව පැවසූ ප්‍රේමදාස මහතා විදේශයන්ගෙන් උපකරණ ලබා ගැනීමට තානාපති සේවය හරහා කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කළේය.
මෙපමණ ව්‍යසනයක් ඇතිවී තිබියදීත් ආපදා කළමනාකරණ කමිටුව කැඳවා නැති බවත් එය වහාම අරඹන්නයි තමා රජයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
රට ලොක්ඩවුන් නොකරන්නට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලටත් ලොකු අවදානමක් මතුවීම වැළැක්වීමට නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේය.
රටේ ජනතාවට මූල්‍ය උත්තේජක පැකේජයක් හඳුන්වා දිය යුතු බවත් ලෝකයේ බොහෝ රටවල් එවැනි පැකේජ හඳුන්වාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
බංග්ලාදේශය පවා එවැනි ආර්ථික උත්තේජන පැකේජ හඳුන්වා දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන් තැන් වල පූර්ව සාකච්ඡාවට බඳුන් කරන කාරණා මෙයා හොයාගන තෝල්ක මුදලි වගේ ඒවා ප්‍රතිවාදනය කරන එක තමා මෙයාගේ කාර්ය. මට නම් ඇහුණා නිවුස් වලට පහුගිය දවසක කිවුවා ජනාධිපති , 3වන මාත්‍රාව ගැන අවධානය යොමු කරන්න කියල .
සර් කිවුවොත් කිවුවා .කිසිම තීරණයක් වෙනස් කරන්නේ නැහැ .ලෙඩා මළත් .
ආණ්ඩුවේ කඩේ යන අයට මේවා තේරෙන්නේ නැ
හරි හමන් දැක්මක් තියෙන, කොන්දක් තියෙන විපක්ෂ නායකයෙක් මේ රටේ හිටියා නම් මෙයාලා මෙච්චර නටන්නේ නැහැ. කොහේද ඉතින් මේ ඉන්නේ විහිළු සපයන විකටයෙක්නේ...
තමුන්ගේ තාත්තද මිනිස්සුන්ට කන්න දෙන්නේ? බොරදියේ මාළු බාන්න එපා. යුද්ධය කාලෙත් ඕකම තමයි කිව්වේ... ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. එදත් කඩේ ගියේ පිටරට සංවිධානවලට... අදත් එහෙමයි.
මේ අනිත් කෙනා... පහුගිය කාලේ බදියුදීන් අල්ලගෙන කෑ ගැහුවා. දැන් රට වහන්න. ඕක ඇතුළේ වෙන්නේ පිටපත් අනුව... රඟ දැක්වෙන ඒවා. පුලුවන් නම් මේ වෙනකම් අහිමි වුණු ජීවිත ගාන කීයද කියලා... නිවැරදි වාර්තාවක් ඉදිරිපත් කරලා ආණ්ඩුවේ බොරුව පෙන්වන්න පුලුවන්නේ...
සර් කිව්වොත් කිව්වා... කිසිම තීරණයක් වෙනස් කරන්නේ නැහැ. නමුත් සියලු තීරණ ඔටෝ වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.