IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට විරුවන්ගේ සහය රට වෙනුවෙන් ගන්න කාර්යාලයක්

(ඩයනා උදයංගනී)

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

එතෙර වෙසෙන මිලියන තුනක් පමණ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිපරිදි ජනාධිපති කාර්යාලය යටතේ මෙය පිහිටුවීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 අතුරු අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කාර්යාලය පිහිටුවීමටත්, එහි කටයුතු විධිමත්ව පවත්වාගෙනයාමටත්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (3)

රට විරුවන්ගේ සහය රට වෙනුවෙන් ගන්න කාර්යාලයක්

jayalath Tuesday, 20 December 2022 12:34 PM

17/12/2022 දිනයේදී මා ගේ බිරිද දැරුවද සමගින් ඕමානය බලා එන ගමනේ දී ඓර්පොර්ට් එකේ විදේශ සේවා කාර්යාලයේ හිටිය ගෑනු කෙනෙක් හරිම නින්දිත විදිහට කතා කරලා තිබුන විවාහ සහතිකයේ පිටපතක් නැතිව ගමනාන්තයට යන්න දෙන්න බෑ කියල තිබුන ,මේ නීති කොහෙන් ආපු ඒවාද එහෙම නීතියක් තියෙනවා නම් අදාළ ගුවන සමාගම් වලට දැනුම් දීල ඒවා යාවත් කාලීන කරන්න ඕනි එතකොට අපි ඔන්ලිඑන් ටිකට් බූක් කරනකොට ඒවා දකිනවා ඒ අදාල දේවල් ඓර්පොර්ට් එකට එනකොට අරගෙන එනවා , ඒ වගේම මේ මිනුස්සුන්ට පාස් පොරට් එක බලෙන් තියාගන්න පුළුවන් බලයක් දීල තියෙනවද එහෙම තියෙනවනම් මොන නීතියක් යටතේද? රට විරුවෙක්

:       0       7

කිරිපුතා Tuesday, 20 December 2022 12:41 PM

තවත් කාර්යාල සහ විශාල සේවක පිරිසක් නඩත්තු කරයි. එච්චර තමයි වෙන්නෙ . මැද පෙරදිග රැකියාවලට යන අයගෙන් රජයට අය කරගන්නා මුදලනිත් ඔව්න් රටට එවන විදෙස් විනිමයෙනුත් හොර නොකර රටට වැඩක් ගන්නව නම් එච්චර නෙ. රටට ආදරෙ ජනයා කොහොමත් මුදල් එවන්නෙ නීත්‍යානුකූල මාර්ග වලින් විකරමයි.

:       1       6

kamal Tuesday, 20 December 2022 02:44 PM

දැන් මෙගොල්ලන්න්ට පුදුම ආදරයක් පෙන්නන්නේ. අපිට ඩොලර් දෙන්න අපි රුපියල් දෙන්නම්. කොහොම ද ඩීල් එක?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site