(ඩයනා උදයංගනී)

පසුගිය වසරට සාපේක්‍ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සියයට 68.8කින් ඉහළ ගොස් ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය ජනවාරි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ ආණ්ඩුව බලයේ සිටින තුරු විදෙස්ගත ශ්‍රමිකයන් රටට ඩොලර් නොඑවන බව විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂ පැවසුවත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළයමින් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.

පුහුණු ශ්‍රමිකයන් වැඩියෙන් විදේශගත වුවහොත් මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ට ලබාගැනීමට හැකිවනු ඇතැයි ද ගුණවර්ධන මහතා කීවේය.