
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැක ගැනීම සඳහා උපරිම ක්‍රියා මාර්ගය වත්මන් රජය විසින් ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
මේ මොහොත වන විට රටේ වැඩිහිටි පරපුර, තරුණයන් දරුවන් ළමුන් සහ කාන්තාවන් පීඩන රැසකට මැදි වී ඇති බව කී විපක්ෂ නායකවරයා රටට විදේශ ප්‍රේෂණ ලබා දෙන දස ලක්ෂයක් ශ්‍රමිකයන් මැදපෙරදිග සේවය කරන බව සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ ආරම්භ වූ යුද්ධය නිසා මොවුන්ගේ රැකියා සහ ජීවිත අනතුරට ලක්ව තිබෙන බවත් මොවුන් රටට දැවැන්ත හුස්මක් ලබා දෙමින් විදේශ විනිමය එවන බව කී ප්‍රේමදාස මහතා යුද්ධය ක්‍රියාත්මක වන මොහොතේ රට විරුවන් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව සඳහන් කළේය .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔත්තප්පුව රංකෙතගම දී පාසල් ළමුන් 850 දෙනකුට පාසල් උපකරණ ලබා දීම වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd