(සුමිත් පොතුපිටිය)
කටාර් රාජ්‍යයේ සේවය කළ කාන්තාවක මෙරට රාජ්‍ය බැංකුවට එවන ලද රුපියල් 852,500 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක කළමණාකරුවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්බ කළ බව මතුගම පොලිසිය පවසයි .
හොරහේන, යටදොල , නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි දූවගේ අරුණා කුමුදුනී නමැති කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකරන බව සදහන් වේ.
පැමිණිලිකාරිය 2019 වසරේ කටාර් රාජ්‍යයේ සේවයට ගොස් මතුගම රාජ්‍ය බැංකුවක ගිණුමකට මුදල් එවා ඇති අතර , පසුගිය නොවැම්බර් 21 දා දිවයිනට පැමිණ බැංකු පාස්පොත පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්සන කූඨ ලෙස යොදා රුපියල් 852,500 ක් වංචාකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ රාජ්‍ය බැංකු දෙකක කළමනාකරුවන් දෙදෙනෙකුගේ සහාය ලැබී ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය සදහන් කරයි.
මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවේ නම තිබ්බා නම් අනික් අයට ආරක්ෂා වෙන්න පුළුවන්...!
අයිතිකාරියගෙන් සොයාගෙන අපි ජනතාව දැනුවත් කරමු.. එයට පෙර ඇයගේ මුදල් සහ අදාල පොලිය ගෙවා තිබුණත් ජනතාව දැනුවත් වීම හොඳයි.
මේවා දැක්කාම ලංකාවේ බැංකුවකට කවුරුවත් සල්ලි එවන එකක් නැහැ. කොතන බැලුවත් බහිරවයින් ඉන්නේ?
ඔය කරලා තියෙන්නේ.